BREAKING NEWS
Search

ගාලුපාර භාවිත කරන රියැදුරන්ට විශේෂ දැනුම්දීමක්.

127

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

වාද්දුව තල්පිටිය ශ්‍රී දළදාවත්ත පුරාණ විහාරස්ථානයේ වාර්ෂික දළඳා පෙරහැර හේතුවෙන් රථවාහන ගමනා ගමනය සීමා කිරීමට සිදුව තිබෙනවා.
එම පෙරහැර අද රාත්‍රී 07:00 සිට හෙට අලුයම 01:00 දක්වා වීථී සංචාරය වීථි සංචාරය කිරීමට නියමිතයි. ඒ අනුව, කොළඹ සිට ගාල්ල දෙසට ගමන් ගන්නා රථවාහන පානදුර ඔරලෝසු කණුව අසළින් හොරණ පාරේ අළුබෝමුල්ල හරහා බණ්ඩාරගමට ගොස් බණ්ඩාරගම හන්දියෙන් ඇති දකුණට මොරොන්තුඩුව මාර්ගයේ ගොස් වාඩිය මංකඩ හන්දියෙන් වමට හැරී කළුතර හරහා ගාල්ල දෙසට ගමන් කළ හැකියි.

එසේම ගාල්ල සිට කොළඹ දෙසට ගමන් ගන්නා රථවාහන කළුතර උතුර පොලිස් වසමේ වාඩිය මංකඩ හන්දියෙන් දකුණට ඇති මොරොන්තුඩුව මාර්ගයේ බණ්ඩාරගම දක්වා ගමන් කර බණ්ඩාරගම හන්දියෙන් වමට හැරී අළුබෝමුල්ල හරහා පානදුර දෙසට ගොස් පානදුර ඔරලෝසු කණුව හන්දියෙන් දකුණට හැරී කොළඹ දෙසට ගමන් කළ හැකියි.

අද රාත්‍රී 07.00 සිට හෙට අලුයම 01.00 දක්වා වීථී සංචාරය කරන කාලය තුළ වාද්දුව පොලිස් වසමේ කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇති විය හැකි බැවින් පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රථවාහන රියදුරන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මෙම පෙරහර අලි ඇතුන් ඇතුළු නර්තන කණ්ඩායම්වලින් සමන්විත වන අතර එහි අංග 100 කට ආසන්න ප්‍රමාණයක් පෙළගස්වා තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *