BREAKING NEWS
Search

සතියකට වැඩි කාලයක් ජීවිතයත් මරණයත් අතර සටන් කර ජීවිතයෙන් සමුගත් නාමලී ගැන ඇසුණු ඒ සංවේදී කතාව මෙන්න..

2517
මේ සිද්ධිය ඇත්තටම ඔවුන්ට නම් හීනයක් වගේ. තවත් ජීවිතයක් ඒ මාරක අනතුර නිසා මිලින වෙලා.
වෙහෙසකර දිවි ගමනේ විවේකය විඳින්නට සැවොම එක්වී ගිය චාරිකාවක, අවසානයේ රටක් කතා කරන සිද්ධියක් බවට පත්වේවි කියලා කිසිවෙකුත් හිතන්නේ නැතුව ඇති.. කොහොම වුණත් ඇල්ල මාරක අනතුර නිසා ඊයේ තවත් ජීවිතයක් අහිමි වුණා.

ඇය මීට දින කිහිපයක පටන්, ජීවිතයත් මරණයත් අතර සටනක තරග කළා. නාමලීට ආදරය කරන අය සිටියේ ඒ සිද්ධිය නිසා ඇයට මෙවැනි ඉරණමක් අත්වේවි යන හැඟීම හීනයක් පමණක් බව සිතායි. ඒත් ඇගේ දෛවයත් හිතුවාට වඩා වෙනස්.

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදුවූ බස් අනතුරින් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 41 හැවිරිදි නාමලී ගමගේ ඊයේ සිය ජීවිතයෙන් සමුගත්තා. මෙලෙස මිය ගිය නාමලී ගමගේ තංගල්ල නගර සභාවේ සේවය කරන තැනැත්තියක් බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව ආසන්නයේ සිදුවූ මේ රිය අනතුරෙන් මේ වනවිට මියගිය පුද්ගලයින් ගණන 16ක්.

සමාජමාධ්‍ය ඇසුරෙන්..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *