රුවන් අතර ඇතිවූ ආරාවුලකින් පසු 14 හැවිරිදි දරුවකුට දත් දෙකක් කැඩෙන්නට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පයාගල පොලිසිය පරීක්ෂණ පවත්වයි. පහර කෑමට ලක්ව ඇත්තේ හල්කඳවිල දූවගොඩ ප්‍රදේශයේ පදිංචි දරුවෙකි. ඔහු මේ වන විට කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
දරුවාගේ මව විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලට අනුව පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඉකුත් 09 වැනිදා සවස තම දරුවා නිවස අසල බණ ගෙදරක දී තවත් ළමයකු සමග සෙල්ලම් කරමින් සිට ඇති බවත්, එවිට පැමිණි තවත් ළමයකු “සෙල්ලමට ගන්න බැහැ” යැයි කීමෙන් පසු උරණවී ඇති එම ළමයාගේ වැඩිමහල් සොහොයුරකු තම දරුවාට පහරදී බෙල්ල මිරිකා ඇති බවත් ඇය පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන්ය.
මෙම පහරදීමෙන් තම දරුවාගේ දත් දෙකක් කැඩී ගොස් තවත් දතක් සෙලවෙන බව ද ඇය පොලිසියට ප්‍රකාශ කර ඇත.
පයාගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ජයසේකර මහතාගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙයි.
කළුතර විශේෂ එස්. ආරච්චිගේ


















