BREAKING NEWS
Search

තවත් බිහිසුණු අනතුරක් – පෙර පාසල් ළමුන් ඇතුළු 7ක් රෝහලට

1398

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන්ගත් පෙර පාසල් සිසුන් 6 දෙනෙකු සහ ගුරුවරුයෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

අද (12) උදෑසන 8.15ට පමණ මෙම අනතුර සිදුව තිබුණි.

ත්‍රීරෝද රථයේ ඉදිරිපස රෝදයේ අනාරක්ෂිත ලෙස සවි කර තිබූ අමතර කොටසක් මෝටර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවත්, අනතුරින් ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බව නෝර්වුඩ් පොලිසිය කියා සිටියේය.

මෝටර් රථය ධාවනය කර ඇති කාන්තාව සැකපිට නෝර්වුඩ් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

රෝහල් ගත කළ 07 දෙනාගෙන් එක් දරුවෙකු හැර අනෙක් 06 දෙනා රෝහලේ භාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *