BREAKING NEWS
Search

රට ගිය බිරිද ගෙනා දෙයක් නිසා පොලිස් කූඩුවේ නිදාගන්න වෙච්ච සැමියෙක් ගැන ඇසෙන කතාව

641
බිරිඳ ඒ පවුල මොහොතකට හෝ අත් හරින්න ගත් තීරණය මොන තරම් නම් අමාරු වෙන්න ඇතිද..?
ඒ විතරක් නෙවෙයි, දරුවන් දෙදෙනෙක් තනිකර දමා යනවා කියන එකත් මවක් වුණු ඇයට දුශ්කර කාර්යක් වෙන්න ඇති. ඒත් අවසානයේ ඇය මෙන්න මේ විදිහේ සැලසුමක් හදාගන්නවා. එහෙම කාලයක් ගතවෙනකොටම බිරිඳට හදිසියේම ලංකාවට එන්න හිතක් පහල වෙන්නේ තමගේ සැමියා සහ දරුවන් දැකගන්නයි.

මේ තැනැත්තා පෙදරේරුවෙක්. දිනපතාම වාගේ කොහේ හෝ රැකියාව කළත් ලැබෙන මුදලින් දෙකෙන් පංගුවක්ම ඔහු බීමට වැය කරන එක ඔහුගේ පුරුද්දක්. තම මව, බිරිඳ හා දරුවන් දෙදෙනාත් සමග යන්තම් අටවාගත් ගෙපැලක ඔවුන් වාසය කළා.

හෙට අනිද්දා ගෙට වෙන්න ඉන්න දරුවකුත් එක්ක මෙහෙම ඉන්න බැහැ කොහොම හරි ගේ හදාගන්න ඕන කියමින් බිරිඳ අරාබි රැකියාවකට ගියේ මේ අතරයි.

මිනිහාගේ තරම දන්නා බිරිඳ ඒ අවුරුදු දෙක ඇතුළත සතයක්වත් මිනිහා අතට එවුවේ නැහැ. සියලු‍ මුදල් ඈ සන්තකයේ තබාගෙන සිට ඇති අතර පසුගියදා මහ රෑක ඈ නිවසට පැමිණියේ නිවැසියන් සියල්ලන්ම පුදුමයට පත්කරමින්.

අම්මා රැගෙන පැමිණි නානා ප්‍රකාර ඇඳුම් පැලඳුම්, කෑම බීම දරුවන් දෙදෙනා තෝරද්දී තාත්තා සොයාගෙන තිබුණේ මත්පැන් බෝතලයක්. “ඔහේට තමයි ඕක ගෙනාවේ. මේ මහ රෑ ඕක බොන්න එපා” යැයි බිරිඳ අවවාද කළද නෑසූ කනින් ඔහු බෝතලය කඩාගෙන ෂොට් එකක් දාගත්තා. කටේ හලාගත් එක උගුරෙන්ම මහත් ප්‍රමෝදයට පත් ඔහු අසල්වැසි මිතුරකුද නින්දෙන් ඇහැරවා කැඳවාගෙන ආවා. “බෙදා හදාගෙන කන බොන එක”‍ හොඳ මිතුරුකමකැයි ආදර්ශයට ගරු කරමින්.

වෙනදා බඩ පපුව පිච්චීගෙන යන “ඇතිහිටියා” යැයි හැඳින්වෙන දේශීය මත්පැන් පානය කරන මිතුරෝ දෙදෙනා කිසිම සැරක් නැති මේ බීම බෝතලය බොහොම පහසුවෙන් හිස් කරන්නට පටන් ගත්තා. බෝතලේ තිබුණු ඒවා බඩට ගියාම සිදුවෙන විපර්යාසය මේ යැයි පෙන්වමින් දෙදෙනා සිංදු කියන්නට පටන් ගත්තේ ඒ අතරයි.

දැන් වැඩේ නැගලාම යනවාය. මුලින් මේසයට තට්ටු කරමින් ඇරඹි ගී ගායනය පසුව බැරල් එකකට ලී කෑලි දෙකකින් තට්ටු කිරීම දක්වා දුර දිග ගියා. පාන්දර යාමයේ අහල පහළ මිනිස්සුන්ගේ නින්දට බාධා කරන්නට එපා යැයි බිරිඳ කොතෙක් කීවද බේබද්දන්ට ඒවා ඇසුනේ නැහැ. “මගේ ගෙදර මට සිංදු කියන්න කාගෙන් තහනමක් දැයි” අසමින් ඔවුහු දිගටම සින්දු කියන්නට වුණා.

මොවුන්ගේ මේ විලාපය ඉවසන්නට නොහැකිව අසල්වැසියකු විසින් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දන්වා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස පාන්දර දෙකට විතර පොලිස් ජීප් රථයක් පැමිණ මෙම නිවස අසල නතර කර ඇති අතර, කෑවනං බිව්වනං දැන් පාඩුවේ ගිහින් නිදාගන්න යැයි පොලීසිය අවවාද කළද බඩේ තියෙන රට බීමවල තරම කියාපාමින් ඔවුන් දෙදෙනා පොලීසියෙන්ද “ගේම”‍ ඉල්ලා තිබුණා.

“නිදාගන්න නියම පොට් එකක් අපි දෙන්නම්!” යැයි කියමින් පසුව පොලීසිය ඔවුන් දෙදෙනා කුදලාගෙන ගොස් කූඩු කර ඇති අතර පසුදා වෙරි හිඳුණු පසු නැවත නිවසට එවා තිබුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *