චිචී බිරිය පැදවූ වාහනයෙන් විජේරාම නිවසින් පිටව යයි

1137

මහින්ද රාජපක්ෂගේ බාල පුතු රෝහිත රාජපක්ෂ හෙවත් චිචී සිය බිරිය සමග කහ /තැඹිලි පැහැති සුඛෝපභෝගී වාහනයකින් විජේරාම පිහිටි මහින්ද රාජපක්ෂගේ නිල නිවසින් අද දහවල් පිටව ගියේය.

වාහනය පදවාගෙන ගියේ  බිරිය ටට්යානා වන අතර චිචි කොට කලිසමක් හා ටීෂර්ටයක් හැදගෙන ඉදිරි පෙළ වම්පස අසුනේ සිටියේය. වාර්තා වන ආකාරයට චිචී මෙම නිවසේ වාසය කළේ නැති අතර ඔහු අද නිවස අතැර පිටත්වන්නට සූදානමින් සිටින මාපියන් බැහැදැක මෙසේ පිටත්ව යන්නට ඇතැයි වාර්තාවේ. උදෑසන සිටම මෙම නිවසට අමුත්තන් ගලා ආ අතර අද මහින්ද එම නිවසේ සිටින අන්තිම දවස බව ප්‍රකාශ කර ඇත.

 

සිද්ධිය වාර්තා කළ දෙරණ ටීවී වීඩියෝව පහතින්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *