පාසල් නොගොස් නිවසට වී සිටින 14 හැවිරිදි දැරියක පිළිබඳව කළ විමර්ශනයේ දී ඇය ටික් ටොක් මගින් හඳුනාගත් අයකු සමඟ හාදකමක් පටන්ගෙන ඇත්තේ කලක සිටයි. කෙසේ හෝ මේ පුද්ගලයා අතින් ඇය නොමනා ක්‍රියාවක් සිදුවී ඇති බවට චෝදනා එල්ල වෙනවා. එම සිසුවියගේ 74 හැවිරිදි මිත්තණිය විසින් කරන ලද පැමිණිල්ල අනුව මේ පිළිබඳව පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙන්නේ.
දැරියගේ පියා මිය ගොස් ඇති බවත්, මව වසර 03කට පෙර විදේශ රැකියාවකට ගොස් ඇති බවත්, පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
තමාට කිසිවකු ආදරය නොදක්වන බවත්, පාසල් යෑමට පහසුකම් නැති බවත්, මව එවූ දුරකථනයෙන් කතා කර හඳුනා ගත් ටික්ටොක් පෙම්වතා සමග යතුරුපැදියෙන් කටුකුරුන්ද වෙරළට ගිය අවස්ථාවක දී ඔහු මෙලෙස නොමනා ක්‍රියාවක් සිදුකර ඇති බවද ඇය පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබුණා.

















