BREAKING NEWS
Search

මහින්දගේ නිල නිවසට උදේම ආ පිරිස

157

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින කොළඹ විජේරාම පාරේ නිල නිවසට අද (11) උදෑසන දේශපාලනඥයින් සහ විදෙස් නියෝජිතයින් පිරිසක් පැමිණ තිබේ.

ඒ මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ නිල නිවසින් පිටත්ව යාමට නියමිත බවට වාර්තා වීමත් සමඟය.

“ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුව තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විටත් නිල නිවාස භාවිත කරනු ලබන අතර, ඊයේ (10) දිනයේ සම්මත වූ පනතට අනුව ඔවුන්ට එම වරප්‍රසාදය අහිමි වී ඇත.

ඒ අනුව ඔහු කොළඹ නිල නිවසින් පිටත්ව හම්බන්තොට කාල්ටන් නිවස වෙත යෑමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

ඊට අමතරව හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද සිය නිල නිවෙස් රජයට භාරදීමට කටයුතු කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *