රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ඔරකල් හි සම-නිර්මාතෘවන ලැරී එලිසන්ට ලොව ධනවත්ම පුද්ගලයා ලෙස එලොන් මස්ක්ව අභිබවා තිබෙනවා.
බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව, බදාදා උදෑසන එලිසන්ගේ ධනය ඩොලර් බිලියන 393 (£290bn) දක්වා ඉහළ ගිය අතර, එය මස්ක්ගේ ඩොලර් බිලියන 385 (£284bn) ඉක්මවා ගොස් තිබුණා.
එලිසන්ගේ ධනයෙන් සැලකිය යුතු කොටසක්වන ඔරකල් හි කොටස් සියයට 40කට වඩා ඉහළ යාමෙන් පසුවයි මෙය සිදුව ඇත්තේ.
ඉදිරි දශකය තුළ ඔහු අභිලාෂකාමී ඉලක්ක ලැයිස්තුවකට ළඟා වුවහොත් ඔහුට ඩොලර් ට්‍රිලියන 1කට (පවුම් බිලියන 740) වැඩි වැටුප් පැකේජයක් ලැබිය හැකි බවටයි ටෙස්ලා සමාගම යෝජනා කර ඇත්තේ.
නමුත් මස්ක්ගේ ටෙස්ලා හි කොටස් මේ වසරේ පහත වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

















