BREAKING NEWS
Search

පත්මෙලා අල්ලපු මෙහෙයුමේ ඉන්දුනීසියානු මහමොළකරු

686

පසුගිය දා ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරදී අත්අඩංගුවට පත් වූ මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වන කෙහෙල්බද්දර පද්ම, කමාන්ඩෝ සලින්ත ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා සහභාගී වූ ඉන්දුනීසියානු පොලිස් මෙහෙයුමේ ප්‍රධානියා ලෙස කටයුතු කර තිබෙන්නේ අයිෂ්ටු සකරියා (Ayiptu Zakaria) නම් පොලිස් නිලධාරියෙක් වනවා.

අයිෂ්ටු සකරියා පොලිස් නිලධාරියා මෙවැනි මෙහෙයුම් සඳහා ඉන්දුනීසියාවේ ජනප්‍රිය පොලිස් නිලධාරියෙක් වන අතර ජනතාව අතර ඔහුව Jacklyn Choppers ලෙස ඉමහත් ප්‍රසිද්ධියට පත්ව සිටිනවා.

ඔහු විසින් මෙවැනි මෙහෙයුම් සිදු කිරීමේදී එම මෙහෙයුම් සාක්ෂි සඳහා වීඩියෝ ගත කර ඇති අතර පසුව ඔහුගේම You Tube නාලිකාවක් ඔස්සේ ඒවා ප්‍රචාරණය කරනු ලබනවා.

පසුගිය ජකර්තා හී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්ම ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ වීඩියෝවක්ද මේ වන විට ඔහුගේ Jacklyn Choppers is back යන යූටියුබ් නාලිකාවට එක්කර තිබෙන අතර මේ වන විට එම වීඩියෝවේ නැරඹුම්වාර ලක්ෂ 06 ඉක්මවා ගොස් තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *