BREAKING NEWS
Search

15 දෙනෙකුට මරු කැදවූ ඇල්ල බස් අනතුරේ පරීක්ෂණ වලින් එලියට ආ ඇග හිරිවැටෙන හෙළිදරව්ව

2121

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 12 කණුව ප්‍රදේශයේ දී 15 දෙනකුට මරු කැඳවා  18 දෙනකුට තුවාල සිදුකරමින් අනතුරට පත් විනෝද චාරිකා බස්‍  රථයේ අනතුරට හේතුව වී ඇත්තේ බසයේ තිරිංග පද්ධතියේ දෝෂයක් මෙන්ම රියැදුරු බසය අධික පල්ලමේ හතරවන ගියරයේ ධාවනය කර ඇති බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශේෂ  කණ්ඩායමක්  දැනට සිදු කර ගෙන යන පරීක්ෂණ  කටයුතු වලින් අනාවරණය කරගෙන තිබේ.

බසයේ ගියර් පෙට්ටිය ගලවා පරික්ෂා කිරීමේදී  බස්‍ රථයේ රියැදුරු අනතුර සිදුවන අවස්ථාව වනවිට විනෝද චාරිකා  බස්‍ රථය ඇල්ල වැල්ලවාය මාර්ගයේ පල්ලමේ හතරවන ගියරයේ ධාවනය කර ඇති බවත් , බස්‍ රථයේ තිරිංග පද්ධතියේ දෝෂයක් කලක සිට තිබු බවටත් දැනට කළ පරීක්ෂණ කටයුතු වලින් පෙනී ගොස් ඇති බවත් එම නිලධාරීහු පවසති.

තංගල්ල නගර සභා සේවක පිරිසක් සිය පවුලේ උදවිය සමඟ නුවරඑළිය විනෝද චාරිකාවක ගොස් ආපසු තංගල්ල බලා ගමන් කරමින් සිටියදි ඉකුත් 4 වනදින රාත්‍රි ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 12 කණුව ප්‍රදේශයේ දී   ප්‍රපාතයකට පෙරැළී මෙම අනතුර සිදුවිය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *