තියුණු ආයුධ අතැතිව මුඛ ආවරණ පැළඳ මෝදර ශාන්ත ඇන්ඩ්ර ඉහළ පාර නිවසකට ඊයේ (09) රාත්රී කඩා වැදුණු නාඳුනන පුද්ගලයන් දෙදෙනකු අඹුසැමි යුවලකට පහරදීමේ සිද්ධියක් වාර්තා වෙනවා. මෙම දෙදෙනා යුවලට බරපතල තුවාල කර පලා ගොස් ඇති බවයි, මෝදර පොලිසිය පවසන්නේ.
සිද්ධියෙන් බරපතල තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 68 ක අඹුසැමි යුවලක්.
ත්රිරෝද රථයකින් මෙම නාඳුනන පුද්ගලයන් දෙදෙනා පැමිණ ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
සිද්ධියෙන් බරපතල තුවල ලද කාන්තාවගේ නැගණිය විදේශගතව සිටින අතර ඇය සමඟ වූ ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම ප්රහාරය එල්ල කරන්නට ඇතැයි පොලිසිය සැක කරනවා.
ප්රහාරයේ එල්ල කරන්නට පැමිණි පුද්ගලයන් දෙදෙනා එකම වර්ණයෙන් යුත් ටී ෂර්ට් සහ කැප්තොප්පි පැළඳ පැමිණ ඇතැයි නිරීක්ෂණය වන බව පොලිසිය කියනවා.
ප්රහාරය එල්ල කරන අයුරු නිවසේ සවිකර තිබූ සීසී ටීවී කැමරාවේ ද සටහන් වී තිබෙනවා.
පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෝදර පොලිසිය පරීක්ෂණ පවත්වනවා




















