BREAKING NEWS
Search

කටාර් ප්‍රහාරයෙන් හමාස් නායකයාගේ පුතු මරුට

447

කටාරයේ දෝහාඅගනුවර රැඳී සිටින හමාස් නායකයන් ඉලක්ක කරමින් ඊශ්‍රායල් ආරක්ෂක හමුදා ඊයේ(09) ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය.

එම ගුවන් ප්‍රහාරයේදී දෝහා නුවර හමාස් නායකයන් රැඳී සිටි ස්ථානයට බෝම්බ දහයක් පමණ ඊශ්‍රායල හමුදාව හෙළා තිබූ අතර ඉන් නගරයේ පිපිරීම් කීපයක් සිදුවිණ.

ප්‍රහාරයට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුමැතිය හිමිව තිබූ බවද වාර්තා විය.

ප්‍රහාරයෙන් පසුව නිවේදනයන් නිකුත් කරමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රකාශ කර සිටියේ සිවිල් වැසියන්ට අවම හානියක් වන පරිදි ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ගුවන් ප්‍රහාරය එල්ල කළ බවත් ත්‍රස්තවාදීන්ට ලෝකයේ කිසිම තැනක බේරීමක් නොමැති බවට ප්‍රහාරය සාක්ෂියක් බවත්ය.

කෙසේ වෙතත් ඝාතනය කිරීමට උත්සාහ කළ ගාසා තීරයේ හමාස් නායක කලිල් අල් හේයා ප්‍රහාරයෙන් ජීවිතය බේරාගෙන ඇති අතර ඔහුගේ පුත්‍රයාට සහ තවත් පස්දෙනෙකුට ප්‍රහාරයෙන් ජීවිතය අහිමි වී ඇත.

ප්‍රහාරයෙන් දිවි අහිමි වූ පුද්ගලයන් අතර කටාර් හමුදා සාමාජිකයකුද සිටිනන බව එරට බලධාරීන් ප්‍රකාශ කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *