BREAKING NEWS
Search

මනාලියගෙන් අමුතු සුදුසුකමක් ඉල්ලපු මනමාලයා ගැන පුදුම හිතෙන කතාව…

216
ජාති කුලමල ආගම් ගැළපෙන අයුරින් තමන්ට තෝරන සහකාරිය සම්බන්ධයෙන් අමුතුම ආකාරයක සුදුසුකමක් ඉල්ලූ බවට පැවසූ තරුණ මනාලයකු පිළිබඳ පුවතක්  සියනෑවට නුදුරු ගම්මානයකින් වාර්තා වුණා..


මේ තරුණයා ඉහළ තනතුරක් දැරූ කෙනෙක්…

ඉහළ තනතුරක් දරන තරුණ පුත්‍රයා වෙනුවෙන් මනාලියක සෙවීමේ කටයුත්ත පියා පැවරුවේ කපු මහතකුට.

තමන් බලාපොරොත්තු වන ලේලියගේ තිබිය යුතු සුදුසුකම් සම්බන්ධයෙන් පියා කපු මහතා දැනුවත් කරමින් සිටිය දී තරුණ පුත්‍රයා ද ඊට මැදිහත් වූණා..

කපු මහතා ඇමැතූ තරුණ පුත්‍රයා ප්‍රකාශ කළේ කපු මහත්තයා තාත්තා කියපු කරුණු කාරණා ටික හරියට බලන්න. ඒ වගේම මට හොයන කෙනා කොරෝනා එන්නත් ගත්තෙ නැති කෙනෙක් වෙන්නත් ඕනෑ. ඒ හින්දා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න…

පුත්‍රයා කපු මහතාගෙන් ඉල්ලා සිටිය දී පියා පුදුමයට පත් වුණා…

ඇයි පුතා එහෙම ? පියා පුතුගෙන් විමසුවේ ය.

තාත්තෙ අද කාලේ ඒක මට හුඟාක් වැදගත් සුදුසුකමක් වෙනවා. ඒකයි මම එහෙම කිව්වේ පුතා කපු මහතා ඉදිරියේම පියාට කිව්වා…

තමන්ගේ වසර ගණනාවක් පැරණි කපු ඉතිහාසයේ මෙවැනි කොන්දේසියක් දැමූ පළමු අවස්ථාව බැවින් බුදුන් සමයේ කිසිවකු නොමැති නිවසින් අබ මිටක් ගෙනෙන්න කිව්වා සේ මේ කපු මහතා මනාලියන්ගේ නිවෙස්වලට යමින් කොරෝනා එන්නත් ලබා ගෙන ඇත්දැයි විමසීමට ක්‍රියා කරන බව දැනගන්නට ලැබුණා..



Leave a Reply

Your email address will not be published. Required fields are marked *