BREAKING NEWS
Search

පද්මේ ඇතුළු පිරිස කොටුකර ගත් ජකර්තා මෙහෙයුමේ කවුරුත් නොදුටු වීඩියෝව මෙන්න

796

ඉන්දුනීසියාවේදී කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගන්නා අයුරු දැක්වෙන රූපරාමු පෙළක් ලැබී තිබේ

 

කෙහෙල්බද්දර පද්මේ හා කුඩු නිලංග පළමුව අත්අඩංගුවට පත්වන අතර කමාන්ඩෝ සලින්ත, බැකෝ සමන් හා තැඹිලි ළහිරු අනතුරුව අත්අඩංගුවට ගන්නා අයුරු අදාළ රූපරාමුවල දැක්වේ.

ඉන්දුනීසාවේ සැඟව සිටියදී අපරාධකරුවන් වන කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, කුඩු නිලංග, බැකෝ සමන් හා තැඹිලි ළහිරු පසුගියදා එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ මෙරටින් ගිය සහකාර පොලිස් අධිකාරීවරුන් වන රොහාන් ඕලුගල හා සහකාර පොලිස් අධිකාරී මහින්ද ජයසුන්දර යන මහත්වරුන් විසින් ලබාදුන් තොරතුරු අනුවය.

එම මෙහෙයුම සඳහා ජකර්තා මෙට්‍රොපොලිටන් පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය හෙවත් ජටන්රාස් හා ජාත්‍යන්තර පොලීසියේ සහායද හිමිවුණි.

ඉන්දුනීසියාවේ ජකර්තා හී කෙබොන් ජෙරුක් ප්‍රදේශයේ පිහිටි මෙම සුපිරි මහල් නිවාසයේ අදාළ පිරිස සැඟව සිටින බවට සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී පොලීසිය අනාවරණ කරගනු ලැබීය.

ඒ අනුව සිදුකළ පරීක්ෂා කිරීමේදී මෙරට පොලිස් නිලධාරීන් දෙදෙනා අනාවරණ කරගෙන ඇත්තේ, කෙහෙල්බද්දර පද්මේ නිතර නිතර මෙම කායවර්ධන මධ්‍යස්ථානයට ද පැමිණෙන බවය.

අනතුරු මෙහෙයුමට එක් වූ සියලු පොලිස් කණ්ඩායම් එක්ව අදාළ මෙහෙයුම් පිළිබඳව සාකච්ඡාවක් පවත්වා සැලසුමක් සකස් කර තිබේ.

ඒ අනුව පිරිස කෙහෙල්බද්දර පද්මේ ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට යන අවස්ථාවේදී ඔහු හා කුඩු නිලංග ඔවුන් රැඳී සිටි මහල් නිවාස සංකීර්ණයෙන් පිටතට පැමිණීමේදී අත්අඩංගුවට ගනු ලැබීය.

එම අවස්ථාවේදී අදාළ පොලිස් කණ්ඩායම සමඟ මෙරට පොලිස් නිලධාරීන් සිට ඇති අතර ඔවුන්ට විදෙස්රටවලදී පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නොහැකි බැවින් අදාළ පිරිස සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම පමණක් සිදුකර තිබේ.

අනතුරුව කුඩු නිලංගද රැගෙන විදුලි සෝපානයකින් සෙසු පිරිස සිටි මහලට ගොස් ඔවුන් සිටි නිවසට ජකර්තා පොලිස් නිලධාරීන් ඇතුළුවන විටත් කමාන්ඩෝ සලින්ත කෑම පිළියෙල කරමින් සිටි අතර එහිදී ඔහුව අත්අඩංගුවට ගැනුණි.

පසුව ඔහු අසල සිටි බැකෝ සමන් අත්අඩංගුවට ගත් අයුරුයි මේ.

අනතුරුව සිදුකළ සොයාබැලීමේදී සරමක් හැඳසිටි තැඹිලි ළහිරුවද අත්අඩංගුවට ගැනුණි.

ඔවුන් සමග සිටි බැකෝ සමන්ගේ බිරියගෙන් ජකර්තා පොලීසිය ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබයි.

පසුව අත්අඩංගුවට පත් වූ පිරිස ජකර්තා මෙට්‍රොපොලිටන් පොලීසිය වෙත රැගෙන ගියේය.

පිරිස ඉන්දුනීසියාවේ සිට දිවයිනට රැගෙන ආවේ එහි දින කිහිපයක් රැඳී සිටි පසුවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *