BREAKING NEWS
Search

දුම්රියක් පීලි පැන තැඹිලි ලොරියක ගැටී අයෙක් රෝහලට

176

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල පුවක්පිටිය උප දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (08) රාත්‍රී දුම්රියක් පීලි පැන ඒ අසල නවතා තිබූ තැඹිලි පැටවූ කුඩා ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරින් එක් අයෙකු තුවාල ලබා ඇතැයි අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි

කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා පස්වරු 4.25ට පිටත් වූ දුම්රියක් මෙලෙස පුවක් පිටිය උප දුම්රිය ස්ථානය අසලදී පිළිපැනීමට ලක්ව ඇත

අනතුරෙන් තුවාල ලබා ඇත්තේ පීලි පැනීමට ලක්වූ දුම්රිය ගැටුණු තැඹිලි පැටවූ ලොරියේ රියදුරු බවත් එම පුද්ගලයා සුළු තුවාල ලබා ඇතැයි ද පොලිසිය පවසයි

දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු දුම්රිය සේවකයින් විසින් ආරම්භ කර ඇති අතර කැළණි වැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු කොළඹ සිට කොස්ගම දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වන බවද අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයකු පැවසීය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *