ත්‍යාග ලබා දෙන බව පවසා සංසරණය වන පණිවිඩය ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

577

බැංකු මගින් ත්‍යාග ලබා දෙන බව පවසමින් වංචනික පණිවිඩයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන බව පොලිසිය පවසයි.

පොලිසිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම පණිවිඩය වංචනික සහ ඉතා භයානක ස්කෑම් පණිවිඩයක් බවය.

එමගින් පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම මෙන්ම ජංගම දුරකථනවල මෘදුකාංග වෙනස් කිරීම පවා සිදු වන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදයට ද පැමිණිලි රැසක් ලැබී ඇති බව එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා සදහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ජංගම දුරකථන මගින් බැංකු කටයුතු සිදු කරන පුද්ගලයින් මෙවැනි ව්‍යාජ පණිවිඩ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *