BREAKING NEWS
Search

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිටිපස සිටි දේශපාලනඥ නම් ටික ටික එළියට

1029

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිටිපස සිටි දේශපාලනඥයන් ගැන එකිනෙක  තොරතුරු අනාවරණය වීමෙන් පවතින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ හෝමාගම ප්‍රදේශයේ පැවති රැස්වීමකදීය.

අයිස් හදන රසායන ද්‍රව්‍ය අඩංගු  කන්ටේනර් දෙකේ අයිතිකරුවන් සමඟ සිටියේ දේශපාලන මහත්වරුන් බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ  පිළිබඳ  තොරතුරු ඇතුළත් ඡායාරූප කීපයක්ද එහිදී මහජනතාවට ප්‍රදර්ශන කළේය. මේ උදවිය  තමයි මේ මත්ද්‍රව්‍ය ජාලය පිටුපස්සේ සිටියේ යැයිද   ඔහු පැවසුවේය. කුඩු ජාවාරමට උදව් දුන් දේශපාලඥයන් කිසිවෙකුටත් නීතියෙන් ගැලවීමක් නොලැබෙන බවත්  ඔවුන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා බවත් වටගල මහතා පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *