BREAKING NEWS
Search

අපි කවුරුත් නීතියට යටත් විය යුතුයි – ඩඩ්ලි වැට ගලවන්න යයි

191

සුදු අරලිය හෝටලයට යාබදව නිත්‍යානුකූල නොවන ඉඩම් කෑල්ලක් තිබෙන්නේ යැයි  පිළිගන්නා බවත් එම ඉඩමේ වැට ගලවා දැමීමට   තමා සූදානම් බවත් ප්‍රසිද්ධ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය.

“අපි කවුරුත් නීතියට යටත් විය යුතුයි”   යැයිද  ඔහු සඳහන් කළේය.

සිරිසේන මහතා මෙසේ පැවසුවේ හිඟුරක්ගොඩ  ප්‍රදේශයේ ව්‍යාපාරික හමුවකදීය.

ඩඩ්ලි සිරිසේන මහතා මෙසේද කීය.

අපි කණ්ඩායමක් වශයෙන් මේ අවස්ථාවේදී එකතුව ගමනක් යා යුතුයි. ආණ්ඩුවට උදව් කළ යුතුයි. මම මේවා කියන්නේ සුදු අරලිය හෝටලය බේරගන්න හිතාගෙන නම් නෙවෙයි.

ඒ වගේම මම ආණ්ඩුවට කඩේ යනවත් නෙවෙයි. මැයි මාසය වෙනකන් හෝටලයේ වෙඩින් බුකින් වගයක් තියෙනවා. ඒවා ඉවර වුණ ගමන් මම ඒක  කඩල අලුතින් හදනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *