අනතුරට ලක්වූ බසයේ දෝෂයක්

951

ඇල්ල වැල්ලවාය ප්‍රදේශයේ අනතුරට ලක්වූ බස් රථයේ යාන්ත්‍රික දෝශයක් තිබූ බවට අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි.

ඒ අද (06) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට ඒක්වෙමිනි.

අනතුරට පත් අදාළ බස් රථය දැඩි පරිශ්‍රමයක් දරා ඊයේ රාත්‍රියේ දී ප්‍රපාතයෙන් ගොඩ ගැනුණි.

සම්පූර්ණයෙන් විනාශ වී ගොස් තිබූ බස් රථයේ කොටස් ඇල්ල පොලිස් ස්ථානය වෙත රැගෙන ගිය අතර ජාතික ප්‍රවාහන අධිකාරියේ නිලධාරින් ද බස් රථයේ සුන්බුන් පරීක්ෂාවට ලක් කළේය.

එමෙන්ම අනතුර සිදුවූ ස්ථානයත් ප්‍රවාහන අධිකාරියේ නිලධාරින් අද පරීක්ෂාවට ලක් කළේය.

බස් රථයේ සුන්බුන් ලබන 08 වැනිදා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිතය.

15 දෙනකුට මරු කැඳවූ මෙම බස් රථ අනතුට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නොමැත.

කෙසේ වෙතත් එම බස් රථයේ කොන්දොස්තරවරයා සහ එහි ගමන් පුද්ගලයෙකු පැවසුවේ, හිටි හැටියේ තිරිංග අක්‍රීය වූ බවට රියැදුරුවරයා කෑ ගසා පැවසූ බවය.

මේ අතර ඇල්ල වැල්ලවාය මාර්ගයේ අනතුරට ලක්වූ බස් රථය 2023 ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ලියාපදිංචියෙන් ඉවත් වූ බස් රථයක් බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

ඔහු පවසන්නේ විනෝද චාරිකා සඳහා පමණක් භාවිත කෙරෙන බස්රථ නියාමනය කිරීමට රට තුළ තවමත් නීති නැති බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *