දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වුණු වෙඩි තැබීමේ සිද්ධි අතර මේ සිද්ධිය ගැනත් අද බොහෝ දෙනා කතාබහ කළා..
මරදාන – පංචිකාවත්ත ප්‍රදේශයේදී වෙඩි තැබීමේ සිද්ධියට පැමිණි පැදිකරු, යතුරුපැදියත් සමග අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා..
ඔහුව එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, බ්ලුමැන්ඩල් ප්‍රදේශයේදීයි..
එසේම අද සිදුවූ මෙම වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පැදිකරුගේ පෙම්වතිය ද අත්අඩංගුවට ගෙන තිබෙනවා..
වෙඩි තැබීම සඳහා පැමිණි දෙදෙනාගෙන් යතුරුපැදිය පැදවූ පුද්ගලයා මෙම සිද්ධියෙන් පසු සිය පෙම්වතිය සමග අවන්හලකට ගොස් ඇති බවයි විමර්ශනවලදී හෙළිව ඇත්තේ..
එහිදී ඇය අත්අඩංගුවට ගෙන තිබුණා..
අද උදෑසන සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලැබුවා..
















