BREAKING NEWS
Search

ගම්මන්පිලට මරණ දඬුවම…

1910
මේ කොළඹ මහාධිකරණයෙන් ඇහුණු කතාවක්…
හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවට වැරදිකාරිය වූ කොළඹ, මාලිගාවත්ත ප්‍රදේශයේ තැනැත්තියකට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කර තිබෙනවා.

මෙලෙස මරණ දඬුවම නියම වූයේ දෝන ගම්මන්පිල නමැති මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි තැනැත්තියකටයි.

විත්තිකාරියට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කර ඇති බව තීරණය කළ මහාධිකරණ විනිසුරුවරයා චුදිත තැනැත්තිය වැලිකඩ බන්ධනාගාරයට ගෙන ගොස් ජනාධිපතිවරයා තීරණය කරන දිනයකදී ප්‍රාණය නිරුද්ධ වන තෙක් එල්ලා මැරීමට නියම කළේය.

2019 වසරේ පෙබරවාරි 27දා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් විත්තිකාරිය ජාවාරම සඳහා හෙරොයින් ශුද්ධ බර 41.65ක් ළඟ තබා ගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

නීතිපතිවරයා විසින් චුදිතට එරෙහිව 1984 අංක 13 දරන විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනතේ 54 (අ) වගන්තිය යටතේ නඩු පැවරීම සිදුවිය.

විත්තිකාරියට එරෙහිව මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ හා ජාවාරම් කිරීම ඇතුළු චෝදනා දෙකක් ඉදිරිපත් විය.

දීර්ඝ නඩු විභාගයකින් පසු ඇය එම චෝදනා දෙකටම වැරැදිකාරිය විය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *