BREAKING NEWS
Search

ග්‍රෑන්ඩ්පාස් හි වෙඩිතැබීමකින් තරුණයෙක් මරුට

128

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඊයේ (5) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කර සිටියේ මහවත්ත ඔරලෝසු කණුව අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය.

වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වෙඩිතැබීම සඳහා රිවෝලවර් වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැකපල කරයි.

මේ අතර මරදාන ප්‍රදේශයේ පංචිකාවත්ත මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකුව ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකින් ද පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය.

තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සඳහන්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *