BREAKING NEWS
Search

අනතුරට පත්වූවන් මුදාගන්න ඔහු මහ රෑ එතැනට එන්නේ ස්වේච්ඡාවෙන්මයි.. තම දිවි දෙවැනි කොට ඔවුන්ගේ ජීවිත රකින්නට පෙරට ආ රණවිරුවෙක් ගැන ඇසෙන ඒ කතාව මෙන්න..

136

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ඊයේ රාත්‍රියේ මේ අනතුර සිද්ධ වෙනකොට රාත්‍රී නවය පසුවී ඇති.. ගොඩක් දෙනා මේ වෙලාවේ රැදෙන්නේ තමන්ගේ නිවැස්වල..
ඇතමෙක් තවමත් අතරමග.. සෙනග ඒ තරම් ගැවසෙන්නේ නැති මොහොතක මේ අනතුර සිද්ධවෙන්නේම කිසිවෙකුත් අපේක්ෂා නොකළ ආකාරයකටයි.. පිරිසක් ගමන් ගත් බස් රථයක්, අඩි 500කට ආසන්න ප්‍රපාතයකට පෙරළී ගිහින්..

මිනිස් ජීවිත සීසීකඩ, ඒ අයගේ අවසන් හුස්ම ‍රැකගන්න එතන සිටි බොහෝ පිරිසක් එක්වෙනවා.. ඔහුත් ඒ අතරින් කෙනෙක්.. ශ්‍රී ලංකා යුද හමුදාවේ 2 වැනි විශේෂ බලකායේ සාමාජිකයෙක් වුණු කෝප්‍රල් බණ්ඩාර, මේ අනතුර වෙද්දී ඔහු රාජකාරී නිවාඩු ගිහින් හිටියා..

යුද හමුදාවෙන් කැඳවීමක් නැතුවම, අනතුරට පත්වූවන් මුදාගන්න ඊයේ මහ රෑ ඔහු ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වෙන්නේ තමන් තුළ වුණු ඒ මානුෂීය ගුණාංගද ඉස්මතු කරමින්.. ඒ මේ මෙහෙයුමේදී අනපේක්ෂිත විදිහට ඔහු අනතුරට ලක් වෙනවා..

තම දිවි දෙවැනි කොට හදිසි අවස්ථාවක මේ වගේ මානුෂීය ගුණාංග ඉස්මතු කරපු ඔහු මේ මොහොත වන විට බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා.. ඉතින් අත්‍යාවශ්‍යම මොහොතක මනුසත් ගුණ පෑ මේ රණවිරුවාට අපිත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *