BREAKING NEWS
Search

ඇල්ල අනතුරින් මියගිය සියල්ලන්ගේ අවසන් කටයුතු ගැන ඇසෙන ආරංචිය මෙන්න…

1147
ඇල්ල මාරක අනතුරින් මියගිය සියළුදෙනාගේ අවසන් කටයුතු තංගල්ල නගර සභාවේ සහ තංගල්ල වෙළද සංගමයේ අනුග්‍රහයෙන් සිදුකිරීමට කටයුතු කරන බව තංගල්ල නගරාධිපති නන්දසිරි පරණ පල්ලියගුරුගේ පවසනවා .

ඔහු කියා සිටින්නේ මළ සිරුරුවල පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු තවමත් බදුල්ල රෝහලේ සිදුකෙරෙමින් පවතින බවයි.

අද(05)රාත්‍රී දේහයන් ආදාල නිවෙස්වලට භාරදෙනු ඇතැයි කියා අපේක්ෂා කරන බවද නගරාධිපතිවරයා සඳහන් කරනවා
.
අවමගුල් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් අද රාත්‍රී විශේෂ සාකච්ඡාවක් මියගිය සාමාජිකයින්ගේ පවුල්වල පිරිස් සමඟ පැවැත්වීමට කටයුතු කරන බවද නගරාධිපතිවරයා සඳහන් කළා.

මීට අමතරව මෙම අවමගුල් කටයුතු එක දිනයක පැවැත්වීම පිළිබඳවත් ඵදිනට සියලුම දේහයන් පැය 2කට පමණ කාලයකට තංගල්ල නගර සභාවට ගෙනඵ්මට අපේක්ෂා කරන බවත් ඵ් පිළිබඳව ද මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමග සාකච්ඡා කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසුවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *