ලබන වසරේ මුල සිටම සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහලට. වැඩි වෙන්නේ මෙහෙමයි

2355

159 වෙනි පොලිස් සංවත්සරය පැවැති අතර එහිදී නම ගිය පාතාලකරුවන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් අගය කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් ඇගයීමට ලක්විය.

ඒ අනුව කැබිනට් තීන්දු තීරණ දැනුම් දීමේ අවස්ථාවට සහභාගී වූ නලින්ද ජයතිස්ස මහතාගෙන් මාධ්‍යවේදියෙකු එක්තරා ප්‍රශ්නයක් අසන අතර, එහිදී එම මාධ්‍යවේදියා සඳහන් කරන්නේ තෝර මෝරු තෑගි සම්මාන ගද්දී අහිංසක හාල්මැස්සෝ ඇගයීමට ලක් කරන් නැද්ද ඔවුන්ට වැටුපක් වැඩිවෙන්නෙ නැද්ද යන ආකාරයේ ප්‍රශ්නයකි.

ඒ අවස්ථාවේදී පිළිතුරු දුන් අමාත්‍යවරයා සඳහන් කළේ පහත ආකාරයේ කතාවක්.

“මම දන්නා හැටියට පොලිස්පතිවරයා ඒ අමාත්‍යාංශ භාර ලේකම් ඉවරයාගේ මාර්ගයෙන් විටින් විට ත්‍යාග අරමුදල හරහා දිරි ගැන්වීම් සිදුකර තිබෙනවා. ඉදිරියේදී අවංකව වැඩ කරන පොලිස් නිලධාරීන් ආරක්ෂා කරන බව ජනපති පැහැදිලිව ප්‍රකාශ කළා.එනිසා රටේ නීතිය සාමය ආරක්ෂා වෙන්න හැමෝම කැප වෙන්න.රජය දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා. ඒ වගේම සියලු රජයේ සේවකයන්ට මේ ජනවාරි සිටම මූලික වැටුප් වැඩිවීමක් අනිවාර්යෙන්ම සිදුවෙනවා”

යනුවෙන් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අදහස් ඉදිරිපත් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *