BREAKING NEWS
Search

ඇල්ලේ බස් අනතුරින් දෙදෙනෙක් මරුට

38

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අද (4) රාත්‍රියේ අනතුරින් මේ වනවිට දෙදෙනෙකු මියගොස් තවත් 12ක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

තුවාල ලැබූවන් මේ වනවිට බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

කෙසේ වෙතත් අප වාර්තාකරුවන් පැවසූවේ තුවාලකරුවන් සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවය.

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර 24 කනුව ආසන්නයෙන් බස්රථය මෙලෙස ප්‍රපාතයට පෙරළී ඇති අතර, එය මීටර 200ක් පමණ පහළට ගොස් ඇති බව සඳහන්.

ඇල්ලේ විනෝද චාරිකාවක් පැමිණි තංගල්ල නගර සභාවේ කාර්යය මණ්ඩලයේ පිරිසක් මෙම අනතුරට මුහුණ පා ඇත.

ඔවුන් යළි තංගල්ල බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *