BREAKING NEWS
Search

ළමයි පාස් වුණාට ඇයි මෙච්චර ටීච කෙනෙක් අඩන්නේ…? මුහුණුපොතේ හැමෝම කතාවුණු ඒ පුංචි මැණික් කැට ගැන ගුරුවරිය වුණු ඇය කී ඒ ලස්සන කතාව මෙන්න..

435
මේ කියන්න යන්නේ තවත් එක ආදරණීය කතාවක්.. ඇගේ සමාජමාධ්‍ය පිටු හරහා මේ වෙද්දී ඒ පුංචි පැටව් පස් දෙනා මේ වෙනකොට ගොඩක් දෙනෙක් හඳුනනවා..
ඔවුන් දහසකුත් බාධා මැද ශිෂ්‍යත්ව කඩයිම සාර්ථකව ජයගන්න සමත්වෙලා.. ඒ ගැන මෙන්න මේ විදිහට ආදරණීය සටහනක් ඇය ඇගේ මුහුණුපොතට එක්කරලා තිබුණා.. ඇය නමින් ලෝචනා ඉසුරින්දි.. ලෝචනා එදා ඒ සතුට දරාගන්න බැරිව අඬනවා.. ගොඩක් දෙනෙක් අසාවි ඇයි ඒ කියලා… මොකද ඇය තමයි මේ පුංචි පැටව් ගෙවන ජීවිතය ගැන, ඔවුන් මේ වයසට විදින දුක් කම්කටොළු ගැන හරියටම දන්නේ.. මේ බලන්නකෝ ඒ අයගේ ජයග්‍රහණයත් එක්කම ලෝචනා තාමන්ගේ මුහුණුපොතට එක්කරලා තිබුණේ මෙන්න මේ වගේ සටහනක්..

“ශිෂ්‍යත්ව ප්‍රතිඵල ආවාලු නේද… දන්නවද… මුලු රටේම ආදරය දිනා ගත්ත මගෙ පැටව් 5ගෙ ලකුණු…
ළමයි පාස් වුනාට ඇයි මෙච්චර ටීච කෙනෙක් අඩන්නෙ…???
හද්දා දුෂ්කර පාසලකට පාරුවෙන් ඇවිත් පයින් ඇවිත් මගෙ ළමයි පහ ඉගෙන ගත්තෙ….
හැබැයි මොන කටුකත්වෙ තිබ්බත් එයාලා සැප හෙව්වෙ නෑ… නාගරික මෙන් දියුනු නොවුන ගමක ලස්සන අඩි පාරවල් දිගේ වතුර කඩිතිවලින් පැන පැන ඇවිත් එයාලා ඒ දේ කලා…

3,4,5 ශ්‍රේණි ඒ කියන්නෙ අවුරුදු 3ක් ළමයි 5 මගෙ තුරුලෙ හිටියා… ඉතිං අපි පවුලක් වගේ ඔහේ ජීවත් වුනා…. මගෙ ජීවිතේ අසීරුම කාලෙ පවා මාව සතුටින් තිබ්බෙ එයාල පස්දෙනා… Shooting ගිහිනුත් පහුවෙනිදට ඉස්කෝලෙ එන්නම ඕනි නිසා මහ රෑ තිස්සේ පාලු පාරවල්වල මහ මිනිහෙක් වගේ කොහොම හරි කලවානට එන හැටි මතක් වෙනවා මට….ඉතිං පාරක් පාරක් ගානෙ රස්තියාදු වෙලා සමහර දවස් පාන්දර 6.30ට ගෙදරට ඇවිත් එහෙන්මම ඉස්කෝලේ යනවා…ඒ ඔක්කොම මහන්සිය ඉවරයි උදේට පස්දෙනාව දැක්කාම…. එයාලා ඒ මහන්සියට සාදාරණයක් කලා…වෙනදටත් මාව සතුටු කලේ මගෙ ළමයි 5… අද මට එයාලා දරා ගන්න බැරි තරම් සතුටක් දීලා…
මේ සතුටට මගේ පාසලේ විදුහල්පතිතුමාව ඉහලින්ම මතක් කරන්න ඕනි… මේ කාලය තුල සර් හුස්මක්වත් ගත්තද සැකයි…ඒ තරම්ම සර් කැප වුනා…ඔහු වැනි අයෙක් තවත් සිටීද කියලා හිතෙන තරමටම මගෙ දරුවො 5 වෙනුවෙන් පුදුමාකාර කැපකිරීමක් කරා…ඇත්තටම සර්ට ගොඩා…ක් පිං…ඒ වගේම 1,2 ශ්‍රේණි ඉගෙන්වූ දනුශ්කා සහ සමන්තා ටීචලා දෙන්නටත් රුවිනි සහ ඉශාරා ටීචලා දෙන්නටත් මේ හැම ගෞරවයක්ම හිමි වෙනවා… දුවගෙන ගිහින් මම මොන දේ ඇහුවත් ඔක්කොම වැඩ පැත්තකින් තියලා එයාලා ගොඩක් උදව් වුනා…. මෙතෙක් මගෙ දරුවන්ට අකුරක් හෝ කියල දුන් සෑම අයෙක්ටම ස්තූතියි…
ඒ වගේම මගෙ ළමයින්ගෙ දෙමව්පියන්ට ගොඩක් ස්තූතියි. අවුරුදු 3ක් තිස්සෙ එයාලා මාව විස්වාස කරා…මම මොනවද කරන්නෙවත් කවදාවත් ඇහුවෙ නැ…ප්‍රශ්න කලේ නෑ…අපි 6ට අපේ පාඩුවේ ජීවත් වෙන්න දුන්නා…අපි අපිට ඕනි දේවල් කරා.නිදහසේ හිටියා..කුඹුරෙ පැන්නා..දොලේ ගියා.. මෑ බෝංචි මුං ඇට අහු වුන දෙයක් උයන් කෑවා…තණකොල ගැලෙවුවා..ගස් උඩ නැග්ගා…අහු වෙන අහු වෙන කැලෑ කොල , ගඩා ගෙඩි, යකා හොටු කෑවා…ඉගෙන ගත්තා…කොයි වෙලේකවත් බලපෑම් කරේ නැති නිසා අදටත් මම පාසල් එන්නෙ සතුටින්….
රත්නපුරේ දිස්ත්‍රික්කයේ 136 cut off mark එක වෙද්දී මගෙ ළමයි
148
147
137
132
127
ගත්තා…
පුතේ උබල පහ මට මහ මෙරක්… හැබැයි හැමදාම කිව්වා වගේ මම අදටත් එයාලට කියනවා ශිෂ්‍යත්ව නෙවෙයි ජීවිතේ..මෙතන ඉදලයි ඉස්සරහට ඉගෙන ගන්න ඕනි කියලා….
කැලෑ පැන පැන හිටියට අපි ඉගෙන ගත්තා හොදේ..”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *