BREAKING NEWS
Search

බැකෝ සමන්ගේ බිරිඳ අධිකරණයේ දී දරුවා ගැන කළ දැනුම්දීම

942

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කළ මේ වන විට අත්අඩංගුවේ පසුවන බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ වන ෂාධිකා ලක්‍ෂානි නමැත්තිය ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ මෙම සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා හමුවට අද (04) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට සිය තෙහැවිරිදි දැරිය අධිකරණයට රැගෙන ආ අතර අධිකරණය කළ විමසීමකදී සැකකාරිය සඳහන් කළේ තම දරුවා රැක බලාගැනීම සඳහා සිය දෙමව්පියන්ට භාර දෙන බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *