නීතිඥවරයෙකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක්

172

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව නීතිඥවරයෙකු සැකපිට අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බව සඳහන් කළේය.

ඔහු විසින් සිදුකර තිබෙන්නේ තුසිත හල්ලොලුව නමැත්තාට නීතිඥවරයෙකු වශයෙන් වෘත්තීය සේවාව සැපයීම පමණක් බවත්, ඔහු කිසිදු අපරාධ ක්‍රියාවකට සම්බන්ධ නොමැති බවත් සාලිය පිරිස් මහතා කරුණු පෙන්වා දී ඇත.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම අතුරු තහනම් නියෝගය දින 14ක කාලයකට බල පැවැත්වෙන පරිදි නිකුත් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *