119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද පැමිණිල්ලක් ගැන තොරතුරු සොයා බැලීමට පොලිස් නිලධාරීන් පිරිසක් ගමන් කළ තිස්සමහාරාමය පොලිසියේ ජංගම පොලිස් කැබ් රථය අද (03) රාත්රී කාලයේදී සොරාගැනීමට ලක්ව තිබෙනවා.
ජිප් රථය සොයා මේ වන විට පුළුල් මෙහෙයුමක්ද ආරම්භකර තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
පොලිස් නිලධාරීණ් සිව් දෙනෙකුගේ කණ්ඩායමක් 119 පණිවුඩයේ සඳහන් පැමිණිල්ල ගැන සොයා බැලීමට ගොස් තිබෙන බවයි පොලිස් තොරතුරු සඳහන් කළේ.
එම නිලධාරීන් රාත්රි ජංගම සංචාරක රාජකාරියේ නිරතව සිටින අය බවයි පැවසෙන්නේ.
ජිප් රථයේ එංජිම ක්රියාත්මකව තිබියදී පොලිස් නිලධාරීන් සියළු දෙනාම පැමිණිල්ල ගැන සොයා බැලීමට ගොස් ඇති බවත් එම අවස්ථාවේදී මෙම සොරකම සිදුව ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කරනවා

















