BREAKING NEWS
Search

නිමල් ලන්සාට පැදුර පමණයි – බිරිද අමුත්තන් නවතයි

582

බන්ධනාගාර ආරංචි මාර්ග වලට අනුව, නිමල් ලන්සා මහතා තවත් රැඳවියන් 30 දෙනෙකු පමණ සිටින ‘ඒ වන්’ වාට්ටුවේ රඳවා ඇති අතර, බන්ධනාගාර වෛද්‍ය පරීක්ෂණයකින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවට තහවුරු වී තිබේ.

කිසිදු විශේෂ වරප්‍රසාදයක් ලබාදී නොමැති ඒ මහතාට පැදුරක් පමණක් ලබාදී ඇති අතර, අනෙකුත් රැඳවියන්ට මෙන්ම පිටතින් ආහාර ගෙන්වා ගැනීමට ඔහුද බන්ධනාගාරයෙන් අවසර ඉල්ලා ඇත.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇතුළු දේශපාලනඥයින් කිහිපදෙනෙකු ඊයේ දිනයේදී නිමල් ලන්සා මහතාගේ සුවදුක් විමසීම සඳහා මීගමුව බන්ධනාගාරයට පැමිණ තිබේ.

2006 පළාත් පාලන ඡන්දය පැවති කාලසීමාවේ මීගමුව උප නගරාධිපති සුනිල් විල්බට් පෙරේරා මහතාගේ නිවසකට පහරදී අනර්ථයක් සිදු කිරීම සම්බන්ධයෙන්, ඔහුට චෝදනා එල්ල වේ.

හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ විසින් බන්ධනාගාර අධිකාරිය වෙත ඉල්ලීමක් කරමින්, පිටස්තර පුද්ගලයින් පැමිණීම සීමා කර තමන්ට සහ නම් කරන ලද තවත් පුද්ගලයින් දෙදෙනෙකුට පමණක් ඔහුව හමුවීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා ඇති අතර, ඒ පිළිබඳව හිටපු අමාත්‍යවරයාගෙන්ද විමසා තීරණයක් ගැනීමට නියමිතය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *