1990 දී කෙවින් කොස්ට්නර්ගේ එපික් වෙස්ටර්න් චිත්‍රපටයේ කිකින් බර්ඩ් ලෙස රඟපෑ චරිතය වෙනුවෙන් ග්‍රීන් හොඳම සහය නළුවාට ඔස්කාර් සම්මාන නාමයෝජනා ලබා ගත්තා..
ග්‍රීන් 1970 ගණන්වල එක්සත් රාජධානියේ නාට්‍ය කලාවේ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට පෙර කෙටුම්පත්කරුවෙකු, සිවිල් තාක්ෂණවේදියෙකු, වානේ කම්කරුවෙකු සහ රොක්-බෑන්ඩ් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ලෙස සේවය කර තිබෙනවා..
ඔහු 1990 දී Dances With Wolvesහි වෛද්‍යවරයෙකු වන කිකින් බර්ඩ් ලෙස රඟපෑ චරිතය සඳහා පුළුල් පිළිගැනීමක් ලබා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ..
1992 බටහිර ත්‍රාසජනක චිත්‍රපටයක් වන Thunderheart හි ගෝත්‍රික නිලධාරියෙකු වන වෝල්ටර් ක්‍රෝ හෝස් ලෙස රඟපෑ අතරම, 1999 දී තිරගත වූ ද ග්‍රීන් මයිල් නම් මනඃකල්පිත නාට්‍යයේ, මරණ දඬුවම නියම වී සිරගතව සිටින ස්වදේශික අමෙරිකානු ජාතික ආර්ලන් බිටර්බක් ලෙස රංගනයෙන් දායක වී තිබෙනවා..
එමෙන්ම ඔහු Die Hard With A Vengeance (1995), Maverick (1994), The Twilight Saga: New Moon (2009) සහ Wind River (2017) යන චිත්‍රපටවල ද රඟපා තිබෙනවා..
2004 දී කැනේඩියානු චිත්‍රපට හා රූපවාහිනී ඇකඩමිය විසින් ජීවිත කාලය පුරාම කරන ලද අර්ල් ග්‍රේ සම්මානය ඇතුළුව, ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ ඔහු සම්මාන රාශියක් ලබා ගත්තා..




















