BREAKING NEWS
Search

බීමත් රෝගීයා හෙදියකට පහරදී රෝහලෙන් පලාගිහිං

97

පානදුර මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි රෝගියෙකු කළ පහරදීමකින් හෙදියක රෝහල් ගත කර තිබේ.

පහරදීමෙන් පසු රෝගියා පලාගොස් ඇති බව වාර්තා වෙයි.

මෙසේ රෝහල් ගත කර ඇත්තේ මූලික ප්‍රතිකාර ඒකකයේ රාජකාරි කරන හෙදියකි.

පහරදීම සිදුකළ රෝගියා ඇද වැටීමකින් තුවාල ලබා ප්‍රතිකාර ලබාගැනීම සඳහා පානදුර මූලික රෝහලට පැමිණ ඇති අතර, ඔහු බීමතින් සිට ඇති බවද රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

ඔහු පරුෂ වචනයෙන් රෝහල් කාර්ය මණ්ඩලයට බැණ වැදී සිට ඇති අතර, පහර කෑමට ලක්වූ හෙදිය ඒ බව රෝහල් පොලීසියට දැනුම් දී නැවත මූලික ප්‍රතිකාර ඒකකයට පැමිණෙන අතරතුර රෝගියා ට්‍රොලියෙන් බැස හෙදියට පහර ඇති බව වාර්තා වෙයි.

මෙසේ පහරදී පලා ගොස් ඇත්තේ මොරටුව, මෝදර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකි.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ මූලස්ථාන පොලීසියට පැමිණිලි කිරීමට නියමිත බවද වාර්තා වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *