රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
එයා දැන් ෆිල්ම්වලත් රඟපානවා. දිනක්ෂි මෑතදී ‘මන්දාරා’ වගේම තවමත් හෝල්වල තිරගත වෙන ‘ක්ලැරන්ස් රිදම් ඔෆ් ද ගිටාර්’ ෆිල්ම් එකත් ප්‍රේක්ෂකයන්ගේ හිතට හරිම සුන්දර මතකයන් අරගෙන ආවා. ඒ හින්දා ඇයට ජනප්‍රිය ටෙලි නිළිය කියලා විතරක් නෙවෙයි ජනප්‍රිය ටෙලි සහ සිනමා නිළිය කියලයි හරි නම් කියන්න ඕනෙ.
පසුගිය දවස්වල දිනක්ෂි තරමක් බිසී වෙලා හිටියා. ඇගේ යූටියුබ් අනුගාමිකයොත් අමනාපෙන් වගේ කමෙන්ට්ස් දාලා තිබුණා. අලුතෙන් ව්ලොග් එකක්වත් දුන්නේ නැහැ කියලා.
දිනක්ෂිට අලුතෙන් චිත්‍රපට, ටෙලිනාට්‍ය වගේම වෙළෙඳ දැන්වීමුත් එනවා. ඒ හින්දා ඈ කියලා තිබුණා ව්ලොග් එකක් එඩිට් කරන්නවත් වෙලාවක් නැහැ කියලා. දිනක්ෂි අද ඉන්න තැන ගැන ජෙලස් හිතන කට්ටිය ඇගෙන් අහලා තිබුණලු ඇයයි සාරංගයි හැම සැරේම ජනප්‍රිය සම්මාන ගන්නේ ඒවට සල්ලි ගෙවලද කියලා. මුහුණු පොතෙත් ඒ වාගේ අමුතු පහේ කමෙන්ට්ස් තිබුණා. හැබැයි අවුරුදු ගානක් තිස්සේ තමන්ගේ ප්‍රතිරූපය තවමත් හිට් එකේ තියාගෙන ඉන්න තරමට වාසනාවන්ත වෙච්ච අපේ ලකී ගර්ල් දිනක්ෂි ඒ පහත් කමෙන්ට් ගැන එක අංශු මාත්‍රයක්වත් දුක් වෙන්නේ නැහැලු. ඈ නිතරම කියන්නේ ඒ වාගේ කමෙන්ට්ස්වලින් ඇගේ ජීවිතේට අවශ්‍ය හොඳ මෝටිවේෂන් එකක් ලැබෙනවා කියලයි. ඇගේ කතාව ඇත්ත. මොකද කවුරුත් ගල් ගහන්නේ ඵල ඇති රුකටය කියලා කතාවකුත් තියෙනවනේ. කොයි තරම් බිසී වුණත් පසුගිය සතියක දිනක්ෂියි සාරංගයි පුංචි දූ සාරන්‍යායි එක්කල සාරංගලගෙ ගම් පළාතේ ගියා. එතකොට නම් දිනක්ෂි ලස්සන ව්ලොග් එකක් දාලා තිබුණා.
කවුරු කොහොම කිව්වත් හිතුවත් දිනක්ෂි තවමත් තරුවක් විදියට එයාගේ ඉමේජ් එක තියාගෙන ඉන්නවා. අනෙක එයාව විවේචනය කරන අයටත් ලස්සනට උත්තර දෙනවා. සාරංගගේ පළමු බිරිය උමාලිව සම්බන්ධ කරලා මොන විදියට ඇයව විවේචනය කළත් දිනක්ෂි උපේක්ෂාවෙන් ඒවාට ෆේස් කරනවා. ඇත්තටම කියනවා නම් දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ප්‍රියමනාප, ස්මාර්ට් කැරැක්ටර් එකක්. ශිරාණි ප්‍රියසාද් වුණත් නිතරම කියනවලු ප්‍රියසාද් පවුලේ හොඳම ගැහැනු ළමයා ලොකු දුව දිනක්ෂි කියලා.
ඒ වගේම සාරංගයි දිනක්ෂියි දිනක්ෂි රඟපාන ‘මිස්ටර් ඇන්ඩ් මිසිස්’ අලුත්ම ෆිල්ම් එක ඔන්න දැන් රිලීස් වෙන්න ළඟයිලු. ඒ දෙන්නා ඒකේ රඟපාන්නේ ඇත්ත ජීවිතේ වගේම වයිෆ් ඇන්ඩ් හස්බන්ඩ් විදියටද? ඒක නම් තවම දන්නේ නැහැ. බලාගෙන ඉමු.
මල්මි කෞශල්‍යා


















