BREAKING NEWS
Search

කාන්තාවක ගෙල බැඳී රන්මාලය පුද්ගලයකුගේ උදරයෙන් සොයා ගනී

146

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

කාන්තාවක ගෙල බැඳි රන් මාලයක් මාල කඩන්නකුගේ උදරයේ තිබී හමුවීමත් සමඟ නාවලපිටිය මහේස්ත්‍රාත් ලසංජි රත්නායක විසින් බන්ධනාගාර නිලධාරී අධීක්ෂණයෙන් විරේක ගැන්වීමෙන් පසු එය එළියට ගන්නා ලෙස නියෝග ලබාදී එම පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත වූයේ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස වසර ගණනාවක් පුරා මාල කඩන්නක වූ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බව පොලීසිය කියනවා.

මොහු විසින් නාවලපිටිය කැටඹුලාව ප්‍රදේශයේ කාන්තාවක ගෙල බැඳි රන් මාලයක් කඩා ගැනීමෙන් පසු නාවලපිටිය පොලිසිය හා ප්‍රදේශවාසීන් ඔහු අල්ලා ගන්නා අවස්ථාවේ එය එය ගිල දමා තිබුණා.

කැටඹුලා ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව නාවලපිටිය නගරයේ වෙළඳ සැලක සේවය කරන අතර ඇය නිවසේ සිට බස් මාර්ගයට ඒම සඳහා බෝහිල් ප්‍රදේශයට අතුරු මාර්ගයකින් පැමිණ තිබෙනවා.
එහිදී මෙම පුද්ගලයා ඇය කැළෑ කොටසකට ඇදගෙන ගොස් පහරදී බිම දමා පාගා මාලය කඩාගෙන අනතුරුව කරාබු දෙක ගලවා ගැනීම සඳහා ඇයගේ ඇඳු‍මේ කොටසකින් කට බැඳ දැමීමට උත්සාහ ගෙන තිබෙන බව පොලිසිය කියනවා.

මෙහිදී ඇයගේ කෑ ගැසීම නිසා ඈත සිටි පුද්ගලයකු එම ස්ථානයට එනවා දුටු මෙම මාල කඩන්නා මෙම කාන්තාව අතහැර ඇයගේ ජංගම දුරකථනය ද රැගෙන කැලෑවතුලට පලා ගොස් ඇතැයි ද පොලිසිය කියනවා.
අනතුරුව කාන්තාව මාර්ගයට පැමිණ යතුරු පැදියක ගිය අයකු නවතා ඔහුගේ ජංගම දුරකථනය ඉල්ලාගෙන මෙම සිද්ධිය නාවලපිටිය පොලිසියට හා ඇගේ සැමියාට හා ඥාතීන්ට පවසා තිබෙනවා.

පලා ගිය අය කැලෑව තුළින් වැරැල්ල පතන හරහා හපුගස්තලාව ප්‍රදේශයට හෝ කැටඹුලාව හරහා හරංගල ප්‍රදේශයට යා යුතු නිසා පොලිසිය එම ප්‍රදේශවල පිරිස් දැනුවත් කර තිබුණේ කාන්තාව ලබා දුන් එම පුද්ගලයාගේ හැඩරුව හා ඇඳුම් පැළඳුම පිළිබඳවද දැනුවත් කරමින්.
ඒ අනුව හපුගස්තලාවට මෙම පුද්ගලයා පැමිණෙන විට මොහු අල්ලාගෙන ඇති අතර මොහු පවසා ඇත්තේ තමා මාලයක් කඩා නොගත් බවයි ඔහු එය පිළිනොගැනීම නිසා පොලිසිය මොහු නාවලපිටිය රෝහලට ඇතුළත් කර එක්ස්රේ ඡායාරූපයක් ගෙන පරික්ෂා කිරීමේදී කඩාගත් මාලය මොහුගේ උදරයේ තිබෙන බව සොයාගෙන තිබෙනවා.
ඒ අනුව රෝහලේදී මොහු විරේක ගන්වා මාලය එළියට ගැනීමට උත්සාහ කළ ද එය නොහැකි වූ නිසා පසුව පොලිසිය මොහු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

පොලිසිය අධිකරණය වෙත පවසා ඇත්තේ මොහු මීට පෙර ද අවස්ථා ගණනාවකම මේ ආකාරයට මාල කැඩීම නිසා බන්ධනාගාර ගතව මෑතකදී එළියට පැමිණි අයෙකු බවයි.

2015 වසරේදී නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි වයෝවෘද්ධ මවකගේද මාල හා කරාඹු කඩා ඇයට පහරදී හෙළකට ඇද දැමූ අවස්ථාවක්ද මෙහිදී අනාවරණය වුණා.

නාවලපිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හරේන්ද්‍රය කළුගම්පිටිය, උප පොලිස් පරීක්ෂක සුරේෂ්, උප පොලීස් පරීක්ෂක තිළිණ, පොලිස් සැරයන්වරු වන සුගත්, කුමාර, හා කාන්තා පොලිස් සැරයන් සමන්මළී පොලිස් කොස්තාපල්වරු වන නිරොෂන්, බණ්ඩාර, අජන්ත ,සුමිත්, යන නිලධාරීන් මෙහි පරීක්ෂණ පවත්වයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *