BREAKING NEWS
Search

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ICCයෙන් තවත් දඩයක්

239

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක් නියම කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (01) නිවේදනය කළේය.

ඒ, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති දෙවන එක්දින තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යවා නොතිබීම හේතුවෙනි.

ඒ අනුව තරග ගාස්තුවෙන් සියයට පහක දඩයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙලෙස නියම කර තිබේ.

ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.22 වගන්තියට අනුව මෙම දඩයක් නියම කර ඇත.

නායක චරිත් අසලංක වරදට වරද පිළිගෙන ඇති අතර යෝජිත දඬුවම පිළිගෙන ඇති බැවින් විධිමත් විභාගයක් සිදු නොවූ බව ICC නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

පිටියේ විනිසුරුවන් වන ඉක්නෝ චාබි සහ රිචඩ් කෙට්ල්බරෝ, තුන්වන විනිසුරු පර්සිවල් සිසාරා සහ සිව්වන විනිසුරු ෆෝස්ටර් මුටිස්වා චෝදනාව එල්ල කළහ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *