BREAKING NEWS
Search

ජනප්‍රිය රැප් ගායකයෙකු පොලිස් අත්අඩංගුවට…

303

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මීට දින කීපයකට ඉහතදී ව්‍යාජ පිස්තෝලයක් සමග අත්අඩංගුවට ගත් ජනප්‍රිය රැප් ගායන ශිල්පී මාධව ප්‍රසාද් නොහොත් මධුවා නැමැත්තා පුපුරණ ද්‍රව්‍යය තොගයක් සමඟ නැවතත් කහතුඩුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර රැප් ගායකයා පදිංචි පිටිපන ගලහේන ප්‍රදේශයේ නිවස පිටුපස පුපුරණ ද්‍රව්‍ය තොගයක් වලදමා ඇති බවට ලැබුණු තොරතුරක් මත පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කළා.

සිද්ධියට අදාලව සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව නිවස පිටුපස වල දමා තිබු පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට පොලිස් නිලධාරීන් සමත් වුණා.

එහිදී ජෙලග්නයිට් කූරු 3 ක්, ඩෙටනේටර් 5 ක් සහ ඇමෝනියා නයිට්‍රේට් කිලෝ 3 ගෑම් 500 ක් හමුවී තිබෙනවා.

මීට මාස කීපයකට ඉහතදී කොටවිල පොලිසියේ ගිනි අවියක් සොරා ගැනීම සම්බන්ධයෙන් මන්නාරම විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් කොස්තාපල්වරයා විසින් තමන්ට මෙම පුපුරන ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සඳහා ලබා දුන් බවට සැකකරු විසින් අනාවරණය කර ඇති බවයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කළේ.

හිටපු කොස්තාපල්වරයා තවත් පුපුරණ ද්‍රව්‍ය කොටසක් තවත් රැප් ගායකුට ලබා දුන් බවට තොරතුරු ලැබී ඇති අතර එම ගායකයාද අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බවයි පොලිසියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ජනප්‍රිය රැප් ගායන ශිල්පී මාධව ප්‍රසාද් නොහොත් මධුවා මිට පෙර අගෝස්තු මස 25 වෙනිදා කහතුඩුව මවුන්ට්ක්ලිෆඩ් නිවාස සංකීර්ණයේදී ව්‍යාජ පිස්තෝලයක් සමග පොලිස් අත්අඩංගුවට පත්වුණා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *