පාසල් යළි ආරම්භ කිරීමට ප්‍රථම සියලුම සිසුන්ට සහ ගුරුවරුන්ට එන්නත ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය යෝජනා කර ඇත. ඒ අනුව සිසුන්ට ලබා දීමට අනුමැතිය ලැබී ඇති ෆයිසර් එන්නත ඒ සදහා යොදා ගැනීමට සැලසුම් කර ඇත.
මේ සම්බන්ධයෙන් වන ඉල්ලීම මේ වනවිටත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් සෞඛ්‍ය බලධාරීන්ට ඉදිරිපත් කොට ඇති බව වාර්තා වේ. නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව පැවසේ. ලබන ජුලි මාසයේ ෆයිසර් එන්නත් තොගයක් ලංකාවට ලැබීමට නියමිතය.
මේ වනවිට ලංකාවේ පාසල් සිසුන් සංඛ්‍යාව ලක්ෂ 45කි.
Source – Mawratanews.lk




















