BREAKING NEWS
Search

තම සොහොයුරා මරූ පලිය අවුරුදු 11කට පසු ගත් වෙන්නප්පුව වෙඩිල්ලේ සුල මුල එළියට

757

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

වෙන්නප්පුව පොලීසිය ආසන්නයේ පිහිටි වැව පාර ප්‍රදේශයේදී අද (31) පෙරවරු 10.30ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ. මොටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයෙකු අනතුරකට ලක් කර පසුව යතුරුපැදියේ පැමිණි දෙදෙනාට තියුණු ආයුධයකින් පහරදී වෙඩි තබා ඇත.

සිද්ධියෙන් යතුරුපැදියේ පැමිණි එක් අයෙකු තුවාල ලබා පළා ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. යතුරුපදියෙන් පැමිණි දෙදෙනාගෙන් මිය ගිය තැනැත්තා මහාධිකරණයේ පවතින නඩුවකට අදාළව වෙන්නප්පුව පොලීසියේ අත්සන් කිරීමට පැමිණ ආපසු යමින් සිටි අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

රිවොල්වර වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවද පොලීසිය පවසයි. වෙඩිතැබීම සිදුකෙරූ සැකකරු මේවන විට පොලිස් අත්අඩංගුවට ගත් අතර ඔහු සිද්ධිය සම්බන්ධයෙන් පාපොච්චාරණයක් සිදු කර තිබේ.

 

සැකකරු ප්‍රකාශ කරන ආකාරයට 2014 වර්ෂයේ දී එනම් මීට අවුරුදු එකොළහකට පෙර මෙලෙස වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයා ඔහුට සහ ඔහුගේ සහෝදරයා කපා කොටා ඝාතනය කිරීමට තැත් කර තිබේ. එහිදී ඔහුගේ බාල සොහොයුරා මිය ගිය අතර එම සොවින් කාලය ගත කළ ඔහු මෙම ඝාතනය සිදුකිරීමට තීරණය කර තිබේ.

එවගේම මීට වසර එකොළහකට පෙර මියගිය පුද්ගලයා විසින් සිදු කෙරුවා යැයි කියන එම ඝාතනයට අදාල නඩු තීන්දුව ලබන මස ලබාදීමට නියමිතව තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *