ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය මේ වන විට හරාරේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ශතකයක් ලබා ගැනීමට සමත් විය.
ඒ පන්දු 111ක දී හතරේ පහරවල් 15ක් සමඟිනි.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් පමණක් බිඳ වැටී ලකුණු 277ක් රැස් කිරීමට සමත් විය.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 3ක් දැවී ලකුණු 175ක් රැස් කරගෙන සිටී.

















