BREAKING NEWS
Search

ළඟටම ඇවිත් වෙඩික්කරුවන් වෙඩිතබා පළාගිය අයුරු…ජංගම දුරකථනයක පටිගත වූ දර්ශන මෙන්න

511
ළඟටම ඇවිත් වෙඩික්කරුවන් වෙඩිතබා පළාගිය අයුරු…ජංගම දුරකථනයක පටිගත වූ දර්ශන
අද (31) පෙරවරුවේ වෙන්නප්පුව පොලීසිය ආසන්නයේ පිහිටි වැව පාර ප්රදේශයේදී සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වෙඩි තැබීම සඳහා යොදාගත් රිවෝල්වර් වර්ගයේ ගිනි අවිය ද ඔහු සතුව තිබී සොයාගත් බව පොලිස් මාධ්ය කොට්ඨාසය පැවසුවේය.
වෙන්නප්පුව පොලීසිය ආසන්නයේ පිහිටි වැව පාර ප්රදේශයේදී අද (31) පෙරවරු 10.30ට පමණ වෙඩි තැබීමක් සිදුවිය.
මොටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයෙකු අනතුරකට ලක් කර පසුව යතුරුපැදියේ පැමිණි දෙදෙනාට තියුණු ආයුධයකින් පහරදී වෙඩි තබා ඇත.
සිද්ධියෙන් යතුරුපැදියේ පැමිණි එක් අයෙකු තුවාල ලබා පළාගොස් ඇති අතර අනෙක් පුද්ගලයා වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්විය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *