පද්මෙලාගේ වත්කම් ගැන ඇසෙන අලුත්ම කතාව මෙන්න

5002

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ඉන්දුනීසියාවේ ජකර්තා නගරයේදී අත්අඩංගුවට ගත් පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල අපරාධකාරයන් පස් දෙනාට අයත් මෙරට ඇති රුපියල් කෝටි ගණනක චංචල සහ නිශ්චල දේපොළ සියල්ල රජයට පවරා ගැනීමේ විමර්ශන නීති විරෝධි වත්කම් විමර්ශන ඒකකය මගින් ආරම්භ කර ඇත.

ඒ අනුව කෙහෙල්බද්දර පද්මේට අයත් ගම්පහ, මිනුවන්ගොඩ කෙහෙල්බද්දර ඇතුළු තවත් ප්‍රදේශ කීපයක පිහිටි රුපියල් කෝටි 75කට ආසන්න වටිනාකමෙන් යුත් දේපොළ මේ වනවිට හඳුනාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

තවත් කෝටි ගණනක දේපොළ හඳුනා ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කර තිබේ. කෙහෙල්බද්දර පද්මේ බොහෝ දේපොළ මිලදී ගෙන ඇත්තේ තම පවුලේ සාමාජිකයන්ගේ නම්වලට බව හඳුනාගෙන ඇති විමර්ශන නිලධාරීන් ඒ සම්බන්ධයෙන් ද පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.

මෙසේ හඳුනාගත් දේපොළ අතර හෝටල්, නිවාස, ඉඩම්, ගොඩනැඟිලි, වාහන ඇතුළු තවත් දේපොළ රැසක් තිබෙන බව පොලිසිය පවසයි.

මේ අතර අත්අඩංගුවේ සිටින කොමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන පාතාල අපරාධකාරයන්ට අයත් සියලුම දේපොළ සොයා නීති විරෝධි වත්කම් විමර්ශන ඒකකය මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

හේමන්ත රන්දුණු, නෝමන් පලිහවඩන




Leave a Reply

Your email address will not be published. Required fields are marked *