වට්ටම් ලැබෙනවා නම් කවුද අකමැති..
මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ ළඟදීම ලැබෙන විශේෂ වට්ටමක් ගැන..
සැප්තැම්බර් 1 වැනිදාට යෙදී ඇති ශ්රී ලන්කන් ගුවන් සේවයේ 46 වන සංවත්සරය වෙනුවෙන් පාරිභෝගිකයන්ට විශේෂ වට්ටම් සහ දීමනා එකතුවක් පිරිනැමීමට කටයුතු යොදා ඇති බව වාර්තා වනවා.
එබැවින් එළඹෙන සැප්තැම්බර් 1 වැනිදා සිට 5 වනදා තෙක් ශ්රී ලන්කන් නිල වෙබ් අඩවිය ඔස්සේ ව්යාපාරික පන්තියේ ගුවන් ප්රවේශ පත්ර මිලදී ගන්නා පාරිභෝගිකයන්ට 20% ක වට්ටමක් හිමිවන බව ද සඳහන්.
එසේම, ඉකොනොමි ක්ලාස් හෙවත් පිරිමැසුම් පන්තිය ප්රවේශ පත්ර වෙනුවෙන් 15% ක වට්ටමක් හිමිවන බවයි සඳහන් වන්නේ.
තවද ශ්රී ලන්කන් ගුවන් සේවයේ පාරිභෝගික ලැදියා වැඩසටහනේ සාමාජිකයන්ට ද මේ යටතේ 46% ක ප්රසාද සැතපුම් දීමනාවක් ලබාදීමට නියමිතව තිබෙනවා.

















