BREAKING NEWS
Search

දුම්රිය ධාවනය සීමා කිරීමක්

72

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

දුම්රිය හරස් මාර්ගයක සිදුකරන නඩත්තු කටයුක්තක් හේතුවෙන් සැප්තැම්බර් මස 05 වනදා සිට 07 වනදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සහ මහනුවර අතර දුම්රිය ධාවනය සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ටිකිරි මැණිකේ සහ උඩරට මැණිකේ දුම්රිය දෙක එම දින තුන තුළ පේරාදෙණිය සහ මහනුවර අතර ධාවනය නොවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව ටිකිරි මැණිකේ දුම්රිය, නානුඔයේ සිට පේරාදෙණිය හරහා කොළඹ කොටුව දක්වා ධාවනය වන අතර උඩරට මැණිකේ දුම්රිය කොළඹ කොටුවේ සිට පේරාදෙණිය හරහා බදුල්ල දක්වා ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එම දුම්රියවලින් ගමන් පහසුකම් සළසා ගැනීම සඳහා මහනුවර දුම්රිය ස්ථානය වෙත පැමිණෙන මගීන්ට බස් රථ මගින් පේරාදෙණිය දක්වා ගමන් කිරීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැළසීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *