BREAKING NEWS
Search

මාස හතට මැතිසබේ ලයිට් වතුරට කෝටි අටක්

183

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පාර්ලිමේන්තුවේ විදුලිය සහ ජලය පරිහරණය වෙනුවෙන් පසුගිය මාස හතක කාලයේදී( ජනවාරි සිට ජුලි මාසය දක්වා) රුපියල් අටකෝටි හැට එක් ලක්ෂ පනස් හතර දහසකට වැඩි මුදලක් වැය කර ඇතැයි පාර්ලිමේන්තු ප්‍රධානීන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා දී ඇති පිළිතුරු ලේඛනයක සඳහන්වේ.

මේ අනුව පාර්ලිමේන්තුවේ එම කාල සීමාවේ විදුලිය වෙනුවෙන් රුපියල් හය කෝටි හැත්තෑ නව ලක්ෂ තිස් දෙදහස් එකසිය තිස් එකක මුදලක්ද ජලය වෙනුවෙන් රුපියල් එක්කෝටි අසූ දෙලක්ෂ විසි එක්දහස් අටසිය හැත්තෑ එකක මුදලක්ද වැය කර ඇත.

මේ අනුව පාර්ලිමේන්තුවේ විදුලිය වෙනුවෙන් මේ වසරේ ජනවාරි මාසයේදී රුපියල් 9368968ක මුදලක්ද පෙබරවාරි මාසයේදී රුපියල් 9199875ක මුදලක්ද මාර්තු මාසයේදී රුපියල් 11103909 ක මුදලක්ද අප්‍රේල් මාසයේදී රුපියල් 7924847ක මුදලක්ද මැයි මාසයේදී රුපියල් 8985830ක මුදලක්ද ජුනි මාසයේදී රුපියල් 10128752ක මුදලක්ද ජුලි මාසයේ දී රුපියල් 11219950ක මුදලක්ද වැය කර ඇති බව එම පිළිතුරු ලේඛනයේ දැක්වේ.

එසේම පාර්ලිමේන්තුවේ ජලය වෙනුවෙන් පසුගිය ජනවාරි මාසයේදී රුපියල් 2450671 ක මුදලක්ද පෙබරවාරි මාසයේදී රුපියල් 3460609ක මුදලක්ද මාර්තු මාසයේදී රුපියල් 2683969ක මුදලක්ද අප්‍රේල් මාසයේදී රුපියල් 2259683ක මුදලක්ද මැයි මාසයේදි රුපියල් 2438186 ක මුදලක්ද ජුනි මාසයේදී රුපියල් 2478082 ක මුදලක්ද ජුලි මාසයේදී රුපියල් 2450671ක මුදලක්ද වැය කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *