BREAKING NEWS
Search

අලුත් මාසය ඔබට කොහොමද..? ඔබත් මෙන්න මේ ලග්න හිමි අයෙක් නම් සැප්තැම්බර් මාසය ඔබට සුබ වෙනවා නිසැකයි..

517

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

උදාවෙන අලුත් මාසය ඔබට මොන වගේ වේවිද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි..

හැම මාසයක්ම වගේ සැප්තැම්බර් කියන්නෙත් ඔබට මාසය විශේෂ මාසයක්…

මේ එළඹෙන නව මාසය තුළ මිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලට දැනුම බුද්ධිය ධාරණ ශක්තිය ඇති කරන භද්‍ර යෝගය උදා කරයි.. මේෂ, වෘෂභ, කටක, සිංහ, තුලා, වෘශ්චික, මකර, කුම්භ ලග්නවලට දැනුම ඇති කිරීමට බලපාන විදුරවි යෝගය උදාකරයි.. ඒ අනුව මේ සැප්තැම්බරය විශේෂ වෙනවා… අගෝස්තු 17 සිට සැප්තැම්බර් 16 දක්වා රවි සිංහයේ සිටින විට සෑම ලග්නයකටම උපේන්ද්‍ර යෝගය යෙදේ..

මේෂ ලග්නය
ජය ලැබේ
සැප්තැම්බර් මාසයේ දී ලග්නාධිපති කුජ හයවැන්නේ සහ හත්වැන්නේ ගමන් කරන අතර ගුරු තුන්වැන්නේ ද සිකරු හතරවැන්නේ සහ පස්වැන්නේ ද රවි, බුධ පස්වැන්නේ, කේතු පස් වැන්නේ ද රාහු අයස්ථානයේද වක්‍ර ශනි දොළොස්වැන්නේ ද ගමන් කරයි. සඳු ධනුවේ සිට භාව දොළහේම ගමන් කරයි.

ධනය හා රැකියා –

ධනය රැකියා සම්බන්ධව කරදර බාධක මතු කරයි. බලාපොරොත්තු රහිත ලෙස ධනහානි යෙදිය හැකිය. වෙළෙඳ ව්‍යාපාර ආදී කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ලැබීමටද ඉඩ තිබේ. ක්ෂණික වියදම් ඇතිවේ. රැකියා අංශවලද බාධා කරදර ඇති කරයි. උසස්වීම්වලටද බාධා එල්ලවිය හැකිය. රවි දශා ගත කරන අයට රැකියාවල විනය පරීක්ෂණ යෙදිය හැකිය.

ගෘහජීවිතය –

ගෙදර දොර අගහිඟකම් මතුකරන අතර බලාපොරොත්තු නොවූ අය ආශ්‍රය කිරීම නිසා සිතේ සතුට අඩුවේ. මුලාවීම්වලට ලක්විය හැකිය. මව් පස ඥාතීන්ගෙන් කරදර බාධා ඇතිවිය හැකිය. යුග දිවියේ සාමයට සමගියට සතුටට බාධා ඇති කරයි. ස්ථානමාරුවීම්වලටද ඉඩ තිබේ. රාහු දශා ගත කරන අයට විශේෂ ලාභ, කලාවට මෙන්ම විනෝදයටද ප්‍රියතාවය ඇති කරයි.

අධ්‍යාපන කටයුතු –

ඉගෙනීම්, අධ්‍යාපන ශාස්ත්‍රීය කටයුතු උසස් ඉගෙනීම් ආදියට බලය පවතී. ඔබේ ඉගෙනීමට දියුණුවට සොයුරු සොයුරියන්ගෙන් කරදර බාධා ඇතිවිය හැකි බැවින් සැලකිලිමත් විය යුතුය.

ශරීර සෞඛ්‍යය –

සෙම් දෝෂ පීඩා ඇතිවේ. නහරගත පීඩා, හදිසි අනතුරු, ශල්‍යකර්ම ඇතිවීමටද ඉඩ තිබේ. උෂ්ණ රෝග පීඩා මෙන්ම ලේ දෝෂ රෝගද ඇතිවිය හැකිය. සෙනසුරු දශා තිබෙන අයට ලග්න ඒරාෂ්ටකයේ මුල් අවස්ථා බලපායි. පාදවල රෝග පීඩා ඇතිවිය හැකිය. කපුටු දානය දෙන්න. කඨිනවලට පරිස්කාර පූජා කරන්න.

සුබ අංක – 6, 9,

සුබ වර්ණය – නිල,

සුබ දින – අඟහරුවාදා, සෙනසුරාදා,

සුබ මැණික්- රතු, නිල් මැණික්, දියමන්ති

වෘෂභ ලග්නය
මංගල කටයුතු උදා වේ
ලග්නාධිපති සිකුරු තුන, හතර භාවවල ගමන් කරයි. ගුරු-2, රවි, බුධ හතර සහ පස්වැනි භාවවලද ගමනේ යෙදෙයි. කුජ පහ සහ හයේ ද ශනි අයස්ථානයේ ද රාහු 10 සහ4 භාවවලද, සඳු නවයේ සිට භාව දොළහේම ගමන් කරයි.

ධනය සහ රැකියා –

ධනය අතින් යහපත් වේ. වැටුණත් නොවැටුණා සේ ඊට වඩා හොඳින් නැඟී සිටීමට හැකිවේ. උප්පත්ති ග්‍රහ බලය සුබ නම් මේ මාසයේ ධනය සහ රැකයා යහපත්වේ. රැකියා දියුණුව ඇතිවේ. ඇසුරු කරන අයගෙන්ද තම යහපතට දියුණුවට කරුණු කාරණා සැලසේ. ස්ථිරව දියුණුව කරා යන පරිදි රැකියා කටයුතු කළ හැකිය. ව්‍යාපාරවලට වඩා රැකියා, ඉඩකඩම් අංශවලින් දියුණුව යෙදේ.

ගෘහජීවිතය –

ගමන් බිමන් සංචාරක කටයුතුවලට සිත ඇදී යයි. කවියෙන් කලා අංශවලින් ප්‍රසිද්ධිය ලැබිය හැකිය. ඉඩකඩම් දේපළ යාන වාහන ලැබීමේ භාග්‍යය පවතී. ගෙදර දොර දියුණුව මෙන්ම අලංකාරයද ඇතිවේ. ලේඛන කලාවේ අයගේ බුද්ධිමය දේපළ දියුණුවද ඇති කරයි. බාධක ඇතිවුවත් උත්සාහය අත නොහැර කටයුතු කළ යුතු ය. අවිවාහක අයට මංගල කටයුතුද උදාවේ. විවාහයෙන් වාසි යෙදෙන අතර දියුණුවද ඇතිවේ. අන් අයගේ සිත් දිනා ගෙන කටයුතු කළ හැකිය.

අධ්‍යාපනය –

කලාව සාහිත්‍යය සන්නිවේදන විද්‍යා තාක්ෂණ ආදී සෑම අංශයකම අධ්‍යාපනික ශාස්ත්‍රීය ඉගෙනීම් කටයුතුවලට යහපත් වේ. අධ්‍යාත්මික දියුණුව පිළිබඳ අවධානය යොමු කරයි.

ශරීර සෞඛ්‍යය –

සෙම් දෝෂ පීඩා ඇති වී, තදබල වීමටද ඉඩ තිබේ. ජලයෙන් අගුණ ඇතිවේ. උගුරේ අමාරු ද ඇතිවේ. හිතේ බිය අසහන ගති ශරීර ශක්තිය අඩුවීම ඇතිවිය හැකිය.

සුබ අංක – 5, 6

සුබ වර්ණය – නිල්, කොළ,

සුබ දින – බදාදා, සිකුරාදා,

සුබ මැණික් – පච්චගල්,

මිථුන ලග්නය
ගෘහජීවිතයේ නව දියුණුව
සැප්තැම්බර් මාසය තුළදී ගුරු ලග්න ගතවද සිකුරු 2-3 භාවවලද රවි, බුධ 3-4 සහ කුජ හතර යන භාවවලද සඳු හතේ සිට රාශි දොළහේමද රාහු කේතු නවය සහ තුන්වැන්නේද සෙනසුරු10ද ගමන් කරයි. බුදගෙන් භද්‍ර යෝගයද යෙදී ඇත.

ධනය සහ රැකියා –

දියුණුවට සුබ මාසයකි. ධනය බලය අතින් යහපත් වේ. රැකියා දියුණුවද ඇති කරයි. උසස්වීම් පලදීම දියුණුව ඇති කරයි. මහන්සියෙන් කටයුතු කිරීම නිසා සෑම දෙයක්ම සාර්ථක වේ. ගුරු දශා ගත කරන අයට විශේෂ ලෙස රැකියා ධන දියුණුව ඇති කරයි. හැම අතින්ම දියුණුව ඇති වේ.

ගෘහජීවිතය –

පියා හේතු කොට ගෙනද දියුණුව ඇති කරයි. පියාගෙන් ලාබ ප්‍රයෝජන ලැබෙන මාසයකි. සහෝදරාදීන් සමඟ කිට්ටු සම්බන්ධකම් ඇති කර ගනී. ගේ දොර ඉඩකඩම්, යාන වාහන ලැබී ගෘහ ජීවිතයේ නව දියුණුවක් ඇති කරයි. ගුණ ධර්මවලට ගරු කරන අතර යහපත් ගති පැවැතුම් ද ඇතිවේ.

නිලතල ලැබීම් තිබේ. දුර බැහැර ගමන් විදේශ ගමන් යෙදීමටද ඉඩ තිබේ. ස්වාධීනව ජීවත්වීමේ මාර්ග ඇතිවේ. පවුලේ අයට හිතවත්ය. දරුවන්ගේ දියුණුවද ඇති වේ. ස්ථිර ප්‍රතිපත්ති හා අදහස් ඇති වේ. කුජ දශා ගත කරන අයට කල කෝලාහල නිසා කරදර ඇතිවිය හැකිය. කේතු දශා තිබෙන අයට නින්දා අපහාස ඇති විය හැකිය.

අධ්‍යාපනය –

ඉගෙනීම අධ්‍යාපන ආදී කටයුතුවලට යහපත්ය. විද්‍යා තාක්ෂණ විදුලිය ආදී අංශවල ඉගෙනීම් කරන අයටද යහපත් මාසයකි. නව නිර්මාණ කිරීමටද හැකියාව ඇතිවේ. උසස් ඉගෙනීම් දියුණු කරගත හැකි ඥාන ශක්තිය ධාරණ ශක්තිය ලැබේ.

ශරීර සෞඛ්‍යය –

දත් අමාරු, උදරගත උෂ්ණ රෝග, රුධිරගත දෝෂ, හිසේ වාතාධික රෝග යෙදිය හැකිය. සතුරු කරදර, දරුවන්ටද රෝග පීඩා යෙදිය හැකිය.

සුබ අංක – 3

සුබ වර්ණ – කොළ, විසිතුරු පාට,

සුබ දවස් – සඳුදා, සිකුරාදා,

සුබ මැණික් – පච්ච ගල්,

කටක ලග්නය
උරුම හිමිකම් ලැබේ
සැප්තැම්බර් මාසයේ දී සිකුරු ලග්නයේ සහ දෙවැන්නේ ද රවි, බුධ 2-3ද කුජ 3-4භාවවලද ගමන් කරයි. සෙනසුරු 9, රාහු 8, කේතු 3 ද, සඳු හත් වැන්නේ සිට රාශි දොළහේම ද ගමන් කරයි.

ධනය සහ රැකියාව –

රැකියා ව්‍යාපාර කටයුතු ධනය දියුණු වේ. ඉඩ කඩම් වෙනුවෙන් මුදල් ආයෝජන කටයුතු කිරීමටද සිත යොමුවේ. ධනය උපයන මාර්ග දියුණු කරගත හැකිය. රැකියාව නිතරම ඉතා අගනා කොට සලකන නිසා රැකියා කටයුතුවලටද දියුණුව ඇතිවේ. විදේශ රැකියා ලැබීමටද ඉඩ තිබේ.

ගෘහජීවිතය –

ගෞරව සහිතව ගෘහ ජීවිතය ගත කරයි. ආත්ම ගෞරවය ආරක්ෂා කරගෙන කටයුතු කිරීමට නිතරම උත්සාහ ගනී. පියපස උරුම හිමිකම් ලැබේ. ගමන් බිමන් ගෙන දෙන අතර ඒවායින් ඵල ප්‍රයෝජන නිසිලෙස අත්වේ. ඒ අනුව මේ මාසය කටක ලග්නයේ අයට ඉතා යහපත් මාසයකි. ක්‍රමානුකූලව නිසි පිළිවෙළක් ඇතිව කටයුතු කළ හැකිය. දරුඵල බලාපොරොත්තු අයට යහපත් දරුඵලද ලැබීමට ඉඩ තිබේ.

අධ්‍යාපන කටයුතු –

ඉගෙනීමට දක්ෂතා ඇතිවේ. තරග විභාගවලින් ජයග්‍රහණ ලැබිය හැකිය. ධාරණ ශක්තිය මදි වේ. විද්‍යා තාක්ෂණ, ගණිත අංශවල ඉගෙනීම්ද දියුණු කරගත හැකිය. විදේශගත ඉගෙනීම්වලටද වාසනාව තිබේ. බාධක අභිබවා උසස් ඉගෙනීම දියුණුකරගත හැකිය.

ශරීර සෞඛ්‍යය –

ඇස්වහ, කටවහ දෝෂ, උදරගත උෂ්ණ රෝග, ඇස්වල රෝග පීඩා දුර්වලතා ඇතිවීමටද ඉඩ තිබේ. ලේ දෝෂ රෝගද ඇතිවිය හැකිය.

සුබ අංක -3, 5, 9

සුබ වර්ණය – රතු, කහ,

සුබ දින – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා,

සුබ මැණික් – පච්ච, දිය පච්ච,

සිංහ ලග්නය
විදේශ ගමන්
සැප්තැම්බර් මාස තුළදී සිංහ ලග්නයේ ලග්නාධිපති රවි, බුධ සමග ලග්නයේ සහ දෙවැන්නේ ගමන් කරයි. ගුරු අයස්ථාන ගතය. සිකුරු දොළහේ සහ ලග්නයේද කුජ ධනස්ථානයේ සහ වික්‍රමස්ථානයේ ගමන් කරන අතර සෙනසුරු අටේ අෂ්ටම ඒරාෂ්ටක තත්ත්වයෙන් ඇත. සඳු පස්වැන්නේ සිට රාශි දොළහේම ගමන් කරයි.

ධනය සහ රැකියා –

බාධක ගැටලු පසුකරගෙන ඉදිරියට ආ මේ මාසය එතරම් අසුබ නැත. රැකියා ව්‍යාපාරවල සහ ධනය දේපළවල දියුණුව ඇති කරයි. ව්‍යාපාර කටයුතු කරන අයටද සේවක පක්ෂයෙන්ද සහයෝගය ලැබේ. ආර්ථික ස්ථාවරය ඇති කරගත හැකිය. දියුණුව ඇති වේ. රැකියා තනතුරු මෙන්ම වෘත්තීය නිලතල ලැබිය හැකිය.

ගෘහ ජීවිතය –

සිත් කැලඹීම මෙන්ම පීඩාකාරීත්වය ඇතිවිය හැකිය. බලාපොරොත්තු නොවන කරදර ද යෙදිය හැකිය. සෙනසුරු දසා තිබෙන අයට ඊටම ඒරාෂ්ටකය පවතී. උපතේදී සඳු අටේ සිටි අයට ජන්ම ඒරාෂ්ටකයද යෙදේ. සෙනසුරු දසා තිබේ නම් සිහි බුද්ධියෙන් යුතුව කටයුතු කළ යුතුය. අනතුරු පීඩා ගැන සැලකිලිමත් විය යුතුය. නව නිවාස සෑදීමට ආරම්භ කර තිබේ නම් ඒවා මුදල් යොදවා කටයුතු කරගෙන යන්න.

එය යහපතක් වේ. දුර ගමන්, විදේශ ගමන් යෙදීමටද ඉඩ තිබේ. ගෙදර දොර යුග දිවියේ කරදර බාධා ඇතිවේ. මිත්‍රකම්වලට බාධා ඇති වේ. මිතුරන් අමනාප වේ.

අධ්‍යාපනය –

ඉගෙනීම අධ්‍යාපන ශාස්ත්‍රීය කටයුතුවලට යහපත් වේ. තරග විභාගවලින් ජයග්‍රහණ ලැබීමටද ඉඩ ඇත. උසස් අධ්‍යාපන කටයුතුවලටද සුබදායක වේ. ගුණ නුවණින් යුක්ත වන අතර ගුප්ත දේවල් ඉගෙනීමටද සිත යොමු වේ.

ශරීර සෞඛ්‍යය –

හිරි වාත අජීර්ණ රෝග, වාත පීඩා, කල් අල්ලන රෝග ඇස් පීඩා ද ඇති විය හැක. හිතේ අසහන ගති ඇතිවිය හැකිය. පවුලේ අයටද අසනීප කරදර ඇතිවිය හැයිය.

සුබ අංකය – 9

සුබ වර්ණය – රතු,

සුබ දිනය – බදාදා, සිකුරාදා,

සුබ මැණික් – බෙරලියන්තු,

කන්‍යා ලග්නය
සතුට ගෙන දෙන කරුණු සිදුවේ
සැප්තැම්බර් මාසයේ දී රවි, බුධ දොළොස්වැන්නේ සහ ලග්නයේ ගමන් කරයි. යෝග කාරක සිකුරු අයස්ථානයේ මෙන්ම ධනස්ථානයේද යෙදෙයි. කුජ ලග්නයේ සහ දෙවැන්නේ ගමන් කරයි. සෙනසුරු 4, කේතු12, රාහු 6, සඳු හතරේ සිට භාව දොළසේම ගමන් කරයි. භද්‍ර යෝගයද පවතී.

ධනය සහ රැකියා –

ධනය සහ ව්‍යාපාර කටයුතුවල අඩු වැඩිවීම් ඇති වේ. සමහර අවස්ථාවල බලාපොරොත්තු වූවාටත් වැඩියෙන් ලාභ ලැබිය හැකිය. රැකියා කටයුතුවලට බාධා නොවේ. රැකියාවෙන් දියුණුව ලැබිය හැකිය. බුද්ධිය යොදවා කරන රැකියා, රාජ්‍ය අංශයේ රැකියා හිමිවේ. කලා අංශ ජනමාධ්‍ය සන්නිවේදනයට සුබය. ඒ අනුව මේ මාසය සුබයි.

ගෘහජීවිතය –

උසස් ධනවත් අය සමඟ සම්බන්ධකම් ඇතිවේ. ප්‍රසිද්ධිය කීර්තිය ඇතිවේ. ස්ත්‍රී පක්ෂයෙන් ආධාර උපකාර ලැබිය හැකිය. විදේශගත ගමන් යෙදීමට ඉඩ තිබේ. සාධාරණ ලෙස ආදායම් ඉපයිය හැකිය.

උරුම හිමිකම් ලබන අතර නිහතමානී ගුණ ගරුක ලෙස ගමන ජීවිතය ගත කරයි. හැම විට තම තම බලය ශක්තිමත් කර ගැනීමේ හැකියාව පවතී. ඉතා යහපත් මංගල කටයුතු ද උදා වේ. එය දියුණුවටද හේතු වේ. ආත්ම ගෞරවයෙන් යුතුව කටයුතු කළ හැකිය.

අධ්‍යාපනය –

දැනුම, බුද්ධිය වර්ධනය කර ගැනීමේ බලය පවතී. සංගීතය කවිය කලාව ඡ්‍යොතිෂය වැනි දේ ඉගෙනීමට බලය පවතී. සහජ හැකියාව මතු වේ. ඉගෙනීමේ අධ්‍යාපන ශාස්ත්‍රීය කටයුතුවලින් දියුණුව ලැබිය හැකිය. සැප්තැම්බර් මාසය ජය ගෙන දෙන මාසයකි. කාර්මික සහ ගණිත අංශවල ඉගෙනීම් සාර්ථක කර ගත හැකිය.

ශරීර සෞඛ්‍යය –

උදරගත රෝග පීඩා ඇතිවීමට ඉඩ තිබේ. හිසේ පීනස වැනි උෂ්ණ රෝගද ඇතිවිය හැකිය. සතුරු කරදර බාධා අවහිර දුරු වේ. ලේ දෝෂ රෝගද ඇතිවීමට ඉඩ තිබේ. දත්වල රෝගද හටගනී.

සුබ අංක – 6, 9

සුබ වර්ණය – කොළ,

සුබ දින – බදාදා, සිකුරාදා,

සුබ මැණික් – පද්ම රාග, රතු කැට,

තුලා ලග්නය
වාසනාව මතුවේ
2025 සැප්තැම්බර් මාසයේදී ලග්නාධිපති සිකුරු දහ වැන්නේ සහ එකොළොස් වැන්නේ ගමන් කරයි. සඳු තුනේ සිට සියලුම භාවවල ගමන් කරයි. රාහු 5, සෙනසුරු 7 ගුරු 9ද ගමනේ යෙදෙන අතර රවි, බුධ 11සහ 12යේ යෙයෙයි. කුජ 12 සහ ලග්නයේ ගමන් කරයි. කේතු එකොළහේ ය.

ධනය සහ රැකියාව –

මිල මුදල ධනය වස්තු ලැබෙන අතර වියදම් ද යෙදේ. බෙහෙත් ප්‍රතිකාර ඖෂධවලට වියදම් වේ. වෙළෙඳ ආදී කටයුතුවලින් ලාභ ලැබේ. අලංකාරයට, විනෝදයට, විලාසිතාවන්ට ව්‍යාපාර කටයුතුවලවඩාත් දියුණුව ඇති කරයි. අනික් ව්‍යාපාර කටයුතුද දියුණු වේ. ඊර්ෂ්‍යාකරුවන්ගෙන් රැකියාවලට බාධා ඇතිවේ. විදේශ ගමන්, විදේශ ද්‍රව්‍යවලට සම්බන්ධ දේවල් රැකියා වශයෙන් යෙදීමටද ඉඩ තිබේ.

ගෘහජීවිතය –

සමාජයේ සිත් දිනාගෙන කටයුතු කිරීමට හැකියාව ඇති වේ. ආගම දහමට භක්තිය ඇති වේ. උපායශීලීව කටයුතු කළ හැකිය. රෝග පීඩා හේතු කොට ගෙන හිතේ අසහන ගති බලපැවැත්වීමටද ඉඩ තිබේ. බාධක ඇතත් ප්‍රධානියකු ලෙස කටයුතු කිරීමට හැකියාව ඇත. රැකියා අංශවලින් හා ඉඩ කඩම් අංශවලින් ප්‍රමාණවත් දියුණුවක් ලැබිය හැකි මාසයකි. මේ සැප්තැම්බර් මාසය එනිසා ඉතා යහපත්ය. ජය අත්කර ගැනීමට හැකිය. දැන උගත් කම්වලින් ඵල ප්‍රයෝජන ලැබීමට ඉඩ තිබේ. රැවටීම් මුලාවීම්වලට ලක් නොවේ.

අධ්‍යාපනය –

තරග විභාග ආදියෙන් ජය ලැබිය හැකිය. ශාස්ත්‍රීය අංශවල කටයුතුද දියුණු වේ. බාධක ඇතත් දැනුම බුද්ධිය වර්ධනය කරගත හැකිය.

ශරීර සෞඛ්‍යය –

කලබලකාරී ගතිය නිසා අනතුරු පීඩා, දත්වල අමාරු රෝගාබාධ ඇතිවිය හැකිය. සතුරු කරදර නඩුහබවලින් ආරක්ෂා විය යුතුය. හිසේ සහ උදරගත පීඩාද ඇතිවිය හැකිය.

සුබ අංක – 2, 4

සුබ වර්ණය – රතු, ලා රතු,

සුබ දවස් – සඳුදා, බදාදා,

සුබ මැණික් – දියමන්ති,සුදු, නිල් මැණික්,

වෘශ්චික ලග්නය
මැණික් ලාභ
මේ සැප්තැම්බර් මාසයේ දී ලග්නාධිපති කුජ අයස්ථානය සහ ධනස්ථානයේ ගමන් කරයි. රාහු 4 සෙනසුරු 5, ගුරු 8, සිකුරු 9 සහ 10 ගමන් කරයි. කේතු දහයේ සහ රවි, බුධ එකොළහේ ගමන් කරයි.

ධනය සහ රැකියා –

ධන ලාභ ලැබේ. නිෂ්පල වියදම්ද යෙදේ. වෙහෙස මහන්සියෙන් කටයුතු කර ආදායමේ තත්ත්වය දියුණු කරගත හැකිය. පොළොවෙන් ලැබෙන මැණික් වැනි දේවල් ලැබීමටද ඉඩ තිබේ. ඉඩ කඩම් සම්බන්ධ ව්‍යාපාරවලින් ලාබ ලැබිය හැකිය. රාජ්‍ය අංශයේ රැකියා ලැබීමටද බලය පවතී. රැකියා කටයුතු දියුණු වේ.

ගෘහජීවිතය –

හැම දෙයකින්ම උසස් ප්‍රයෝජන ලැබිය හැකිය. සහෝදරාදීන් සමඟ සම්බන්ධතා අඩුය, සූදුව වැනි අයහපත් වැඩවලින් වැලකී සිටීම ඉතාම යහපත් වේ. නිකරුණේ අස්ථාන චෝදනා එල්ල විය හැකිය. උනන්දුව, උත්සාහය නිසා ප්‍රධානියකු ලෙස කටයුතු කළ හැකිය. තමන්ට ආවේණික නම්වලින් දියුණුව ඇතිකර ගැනීමට මේ මාසය තුළ හැකියාව ඇති වන බව පෙන්නුම් කරයි. අවිශ්වාස වැඩවල යෙදීමෙන් බලාපොරොත්තු නැති කරදර ඇතිවිය හැකිය. ගුප්ත අංශ පිළිබඳ සහජ දැනුම ඇති වේ. විරුද්ධ කාරයන්ගෙන් දියුණුවට බාධාද ඇතිවේ. කරදර පැමිණියත් ජය ලබා ගත හැකිය.

අධ්‍යාපනය –

ඉගෙනීම් කටයුතුවලට යහපත් වේ. බාධා ඇති වුවත් ධාරණ ශක්තිය බලවත්වේ. ආගමික දාර්ශනික අංශවල ඉගෙනීම්ද සාර්ථක වේ. උසස් අධ්‍යාපන වරම් ලැබිය හැකිය.

ශරීර සෞඛ්‍යය –

රෝග පීඩා සතුරු කරදර ඇතිවේ. ඒවාට මුදල් වියදම් කිරීමටද සිදුවේ. උණ සන්නිපාත වැනි රෝග ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ කල්පවතින රෝග යෙදිය හැකිය. කාන්තාවන්ට පිළිසිඳ ගැනීමේ දෝෂ, සෙම් රෝග දෝෂද ඇතිවේ.

සුබ අංක – 1, 2, 10

සුබ වර්ණ – රතු,

සුබ දිනය – ඉරිදා,

සුබ මැණික් – පුෂ්ප රාග,

ධනු ලග්නය
රැකියා දියුණු වේ
2025 සැප්තැම්බර් මාසයේ දී ලග්නාධිපති ගුරු හත්වැන්නේ කේන්ද්‍රගතව ගමන් කරන අතර සඳු ලග්නයේ රාහු 3 සෙනසුරු 4 සිකුරු 8 සහ 9 ද ගමන් කරයි. රවි, බුධ 9-10 ගෝචර ගමනක යෙදෙයි. කුජ 10-11ය. කේතු නවයේ ය.

ධනය සහ රැකියා කටයුතු – උත්සාහවන්තව රැකියා කටයුතුවල යෙදී දියුණුව ලැබිය හැකිය. රහස් නම්වලින්ද ලැබීම් ඇතිවේ. මුදල් යොදවා කරන කටයුතුවලින් දියුණුව ඇති වේ. රැකියා කටයුතුවලට යහපත් වේ. ලේඛන කලාව සන්නිවේදන තැපැල් ආදී අංශ රැකියා ව්‍යාපාර දියුණුවේ. රාජ්‍ය අංශයේ රැකියා ලැබේ. ගෘහජීවිතය –

කීර්තිය, ප්‍රසිද්ධිය ඇතිවේ. වගකීම් ඉටුකරමින් කටයුතු කළ හැකිය. උගත් උසස් අය ආශ්‍රයට ලැබේ. යහපත් කටයුතුකර සමාජ ප්‍රසාදය දිනා ගනී. සෙනසුරු දසා තිබෙන අයට හිතට අසහන ගති ඇතිවේ. ඉඩකඩම් දේපළ ලැබීමට හෝ පොළොවෙන් ලැබීම් ඇතිවීමට ඉඩ ඇත. ස්වාධීනව කරන කටයුතු ද දියුණුවේ. ආගමික සහ සමාජ සේවා කටයුතුවල යෙදීමෙන් ප්‍රසිද්ධිය ඇති වේ. යහපත් විවාහ මංගල කටයුතු යෙදීමට ද ඉඩ තිබේ. පියාගෙන් ආධාර උපකාරද ලැබේ. උසස් අයගෙන් ද දියුණුවට උපකාර ලැබේ.

අධ්‍යාපනය –

භද්‍ර යෝග යෙදී තිබේ. ඉගෙනීමට යහපත් වේ. බුද්ධිය කථිකත්වය ඇතිවේ. උසස් විභාග ආදිය සමත්විය හැකිය. ඉගෙනීමෙන් ප්‍රසිද්ධිය ලැබිය හැකිය. ආගම දහම මෙන්ම ගැඹුරු විෂයයන් ගැන දැනුම ඇතිකරයි.

ශරීර සෞඛ්‍යය –

සෙම් දෝෂ රෝග හෝ ශරීරය අභ්‍යන්තර අපැහැදිලි රෝග යෙදිය හැකිය. සෙනසුරු දශා තිබෙන අයට පපුවේ වාත වේදනා කැක්කුම්, ලේ දෝෂ චර්ම රෝග ඇතිවිය හැකිය.

සුබ අංකය – 1, 3, 4

සුබ වර්ණය – කහ, සුබ දිනය – බදාදා,

සුබ මැණික් – ලා නිල්, පසිංගල්,

මකර ලග්නය
උසස් මිතුරන් ලැබේ
ලග්නාධිපති සෙනසුරු3ද, රාහු 2ද ගුරු 7 සිකුරු 7 සහ8 ද රවි බුධ 8-9, කුජ 9-10 සඳු දොළහේ යෙදෙමින් සැප්තැම්බර් මාසය ගත වෙයි.

ධනය සහ රැකියා –

ධන ලාභ ලැබේ. විශාල ලාභ ලැබීමට ද ඉඩකඩ පවතී. වෙළෙඳ ආදී ව්‍යාපාර කටයුතුද දියුණු වේ. රැකියා ස්ථාන වෙනස්වීමටද ඉඩ තිබේ. රැකියා කටයුතුවලින් සමපල දායක වේ.

ගෘහ ජීවිතය –

සෙනසුරු දශා තිබේ නම් තරමක බාධා කරදර ඇති කරයි. සතුරු කරදර ගැනද සැලකිලිමත් විය යුතුය. ඔරොත්තු දීමේ ශක්තිය ධෛර්ය අඩු වේ. කෙසේ වුවත් උගත් උසස් මිතුරන් ලැබීමටත් ඔවුන්ගෙන් උදව් උපකාර ලැබීමටත් ඉඩ තිබේ. ගමන් බිමන් තරමක් දුරට යෙදේ. උපන් ප්‍රදේශයෙන් පිට ගොස් කටයුතු කිරීමද සිදුවිය හැකිය. අසරණ අයට උදව් කිරීමටද ඉදිරිපත් වේ.

ආත්ම ගෞරවයද ආරක්ෂා කර ගන්නා අතර තම චරිතයද පිරිසුදුව තබා ගැනීමටද උත්සාහ ගනී. අගහිගකම් තමා විඳදරා ගනී. අන් අයට කරදර නොකරයි. තමන් හිතන දේ කිරීමටද පසුබට නොවේ. යුග දිවියේ ගෞරවය අඩුවිය හැකිය. රාහු දශා තිබෙන අය සැලකිලිමත් විය යුතු ය. උත්සාහය උනන්දුව අඩුවේ. කේතු දශා තිබෙන අයටද සුබ නැත. කරණීය මෙත්ත සූත්‍රය භාවිත කරන්න. සංඝයාවහන්සේට උපස්ථාන කරන්න. තිරිඟු, කෙසෙල්, කිරිබත් දන් දෙන්න.

අධ්‍යාපනය –

බාධා මධ්‍යයේ වුවත් ඉගෙනීමේ කටයුතු කර ගැනීමට හැකියාව ඇතිවේ. උසස් අධ්‍යාපනයේ ද උනන්දුව ඇති වේ. විද්‍යාව, නීතිය තාක්ෂණ කලා අංශවලටද යහපත් වේ. බුද්ධිය යහපත්ය. රෝග පීඩා නිසා ඉගෙනීමට බාධා වේ. දුර බැහැර ගොස් ඉගෙනීමේ යෙදීමටද හැකියාව ඇත.

ශරීර සෞඛ්‍යය –

පිත් දෝෂ සෙංගමාල වැනි උෂ්ණ රෝග පීඩා, මූත්‍ර ආශ්‍රිත රෝග පීඩාද යෙදිය හැකිය. රවි දශා තිබෙන ගින්නෙන් හෝ විදුලියෙන් ආරක්ෂාවිය යුතුය. දත්වල ඇස්වල සහ හිසේ අමාරුද ඇතිවිය හැකිය.

සුබ අංක – 4, 6 සුබ වර්ණය – නිල්,

සුබ දින – බදාදා, සිකුරාදා, සුබ මැණික් චන්ද්‍රකාන්තිගල්,

කුම්භ ලග්නය
උත්සාහයෙන් දියුණුව ඇති වේ
ලග්නාධිපති සෙනසුරු2ද, රාහු ලග්නයේද ගුරු 5ද සිකුරු 6-7ද රවි බුධ 7-8 කුජ 8-9 යෙදෙමින් සැප්තැම්බර් මාසය ගත වේ.

ධනය සහ රැකියා –

ආදායම් යහපත් වුවත් බලාපොරොත්තු නොවූ ලෙස වියදම් ඇති වේ. ගුරු දශා තිබෙන අයට ස්වකීය රැකියා කටයුතු ව්‍යාපාර කටයුතු දියුණු කරගත හැකිය. රැකියාව ගැන බලවත් කරදර ඇති නොවේ. වෙළෙඳ අංශ ආගමික අංශවල රැකියා ලැබිය හැකිය. අලංකාරයට විලාසිතාවලට කලාවට සම්බන්ධ ව්‍යාපාරද දියුණුකර ගත හැකිය.

ගෘහජීවිතය –

සෙනසුරු දශා තිබෙන අයට ලග්න ඒරාෂ්ටකයේ අවසාන කොටස පවතී. ආත්ම ශක්තිය අඩුවුවත් විශාල වැඩ කිරීමට ආශාව ඇතිවේ. ඒ අනුව වැඩ කටයුතු අතර මග නැවතීම නිසා අපහසුතා ඇතිවිය හැකිය. ඒ ගැන සැලකිලිමත් විය යුතුය. තරමක් දුරට පලදීමද අඩුවිය හැකිය. ස්ථාන මාරු පදිංචිය වෙනස්වීම්වලට ඉඩ තිබේ.

පවුලේ අයට බාධා කරදර ඇතිවේ. බලවත් උත්සාහයෙන් යම් දියුණුවක් ඇති කර ගැනීමට හැකි වේ. ගුරු දශා තිබෙන අයට එතරම් වරදක් නැත. දියුණුව ඇති කරගත හැකිය. ආශ්‍රය කිරීමෙන් යහපත් ගුණවත් කෙනෙක් විවාහයට ලැබීමටද ඉඩ තිබේ. කුජ දශා තිබෙන අයට පිට පළාත්වල, විදේශගතව කරන කටයුතුවලින් දියුණුව ඇති කර ගැනීමට හැකිවේ. උරුම හිමිකම් ලැබීමට ඉඩ තිබේ.

අධ්‍යාපනය –

බාධා ඇති වුවත් ඉගෙනීම දියුණුකර ගැනීමට හැකියාව ඇතිවේ. අනාගතය පෙනෙන තීක්ෂණ නුවණද ඇතිවේ. විද්‍යා තාක්ෂණ අංශවල ඉගෙනීම් බොහෝ දුරට සාර්ථක කරගත හැකිය. පොත් පත්, ජන සන්නිවේදන ප්‍රවෘත්ති අංශවල ඉගෙනීම්ද සාර්ථක වේ.

ශරීර සෞඛ්‍යය –

ලේ දෝෂ රෝග වැටීම් තැලීම් තුවාල වැනි අනතුරු පීඩා යෙදීමට ඉඩ තිබේ. කාන්තාවන්ට ප්‍රසූත දෝෂ යෙදිය හැකිය. උදරාබාධ ඇතිවීමට ඉඩ ඇත. නහර ගත පීඩාද යෙදිය හැකිය. අර්ශස් වැනි උෂ්ණ රෝගද හිසේ අමාරු ද ඇතිවිය හැකිය.

සුබ අංක – 4, 6 සුබ වර්ණය – නිල්,

සුබ දින – අඟහරුවාදා, සිකුරාදා,

සුබ මැණික් – තද නිල් මැණික්

මීන ලග්නය
සතුරු කරදර වර්ධනය වේ
ලග්නාධිපති ගුරු කේන්ද්‍රගතව හතර වැන්නේ ගමන් කරයි. සෙනසුරු ලග්නයේ ද සිකුරු 5 සහ 6 ගෝචර වෙයි. රවි බුධ 6-7 කුජ 7-8 ද සඳු 10ද රාහු 12 ද කේතු 6ද ගමන් කරමින් සැප්තැම්බර් මාසය ගතවේ.

ධනය සහ රැකියාව –

ධන හානිද ඇතිවන බව පෙන්නුම් කරයි. කරදර ඇති වුවත් ප්‍රමාණවත් දියුණුවක් අත්කර ගත හැකිය. උරුම හිමිකම් ලැබීමේ වාසනාවද පවතී. ගේ දොර ඉඩකඩම් යාන වාහන ආදී ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීමට හැකියාව ඇතිවේ. රැකියාව ගැන අවධානයෙන් කටයුතු කරයි. එය දියුණුවට හේතු වේ.

ගෘහජීවිතය –

කරදර බාධක ඇතත් ප්‍රමාණවත් දියුණුවක් ඇතිකර ගත හැකිය. දෙමාපිය උරුම හිමිකම් ලැබීමේ වාසනාව පවතී. ගේ දොර මෙන්ම උපන් ප්‍රදේශයේ දී ද දියුණුව ඇති කර ගැනීමට හැකියාව උදාවේ. ආගමික සමාජ කටයුතුවලට උනන්දුව ඇති වේ. ක්‍රමානුකූලව කටයුතු කරගෙන යාමට මැළිවීම, උදාසීන වීම තම දියුණුවට බාධාවේ. ඒ ගැන සැලකිලිමත්වීම ජයග්‍රහණවලට හේතු වේ. පදිංචි ස්ථානයේ කරදර ඇතිවීමටද ඉඩ තිබේ. සෙනසුරු දශා තිබෙන අයට ලග්න ඒරාෂ්ටකය පවතී. උපතේ දී සඳු ලග්නයේ සිටි අයට ජන්ම ඒරාෂ්ටකය පවතී. බලාපොරොත්තු සහිතව කරන කටයුතු වුවද උනන්දුව අඩුවීමෙන් අසාර්ථක වීමට ඉඩ තිබේ. උත්සාහයෙන් කටයුතු කළ යුතුය. ගමන් බිමන්වලින් කරදර ඇති විය හැකිය. රාහු දශා තිබෙන අයට ස්ථාන මාරු පදිංචි වෙනස්වීම් ඇතිවිය හැකිය.

අධ්‍යාපනය –

ඉගෙනීම් කටයුතුවලට යහපත් වේ. විද්‍යා තාක්ෂණ වෛද්‍ය අංශවලටද කැමැත්ත ආශාව ඇති වේ. සෞන්දර්ය කලා අංශවල ඉගෙනීම්ද දියුණු වේ. ගුප්ත ආගම්වලටද කැමැත්ත ඇතිවේ. භද්‍ර යෝගයද යෙදී තිබේ. ඉගෙනීමෙන් දියුණුව ඇතිකර ගත හැකිය.

ශරීර සෞඛ්‍යය –

හිතේ අසහන ගති මෙන්ම හිසේ රෝගද, විෂ ශරීර ගතවීමෙන් සමේ රෝග ද ඇතිවිය හැකිය. සතුරු කරදර මර්දනය කර ගත හැකිය. මූත්‍ර ආශ්‍රිත රෝග පීඩාද යෙදිය හැකිය. සෙම් දෝෂ මෙන් උදරගත රෝග පීඩාද ඇතිවිය හැකිය.

සුබ අංකය – 3, 5

සුබ වර්ණය – රතු, කහ,

සුබ දින – බ්‍රහස්පතින්දා, අඟහරුවාදා,

සුබ මැණික් – පළිඟු ගල්,

සුබසෙත පුවත්පත ඇසුරෙන්..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *