ඒ් දවස්වල කොල්ලෝ මේ අලුත් කෙල්ලට පිස්සු වැටිල හිටියේ. හැබැයි ඔය කාලේදීම ඇය රංගනයෙන් ඈත් වුණා. ඒ් විවාහය නිසා.
“මගේ දුව හොදම හොද ළමයෙක්. එයාට හොද නරක දෙක හොදින් තේරෙනවා. තමන් ළග ඉන්න යාලුවන්ටත් ඇය උපදෙස් දෙනවා. දැන් ඇය ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබනවා. එහෙදි කියල වෙනසක් නැහැ. හරිම හොද ළමයෙක් විදියට ජීවත් වෙනවා. ඇත්තටම ඇය නැතිව මට හරිම පාළුයි. ඒ් නිසාම තමයි මම ආපහු රංගනය පැත්තට යොමු වුණේ.
ඒ් අනුව මම මේ දවස්වල කුමාර තිරමාදුර අය්ය හදන ඔ්ල්ඩ් මෑන් කියන චිත්‍රපටයට සම්බන්ධ වුණා..
ඒ්කයි මම කිව්වේ මම දැන් හුගාක් වෙනස් වෙලා කියලා. ඉස්සර මම රගපෑ චරිත නෙමෙයි දැන් මම කරන්නේ. කලාව පැත්තෙනුත් ඉස්සරට ගිහින් තවත් ඉස්සරහට යන්න තමයි හිතාගෙන ඉන්නේ.”
රොෂානා ඔය විදියට ඉතින් කලා නිර්මාණ ඔස්සේ ඉදිරියට ගියත් ඔස්ට්‍රේලියාවේ ඉන්න දුව එක්ක කතා කරන එක නම් ඩිංගක්වත් අඩු කරන්නේ නැහැලු. කොහොමද ඒ් අම්මගෙයි දුවගෙයි තියෙන බැදීම.























