BREAKING NEWS
Search

රාජු මාමා වෑන් එකේ යන දරුවන්ව බලා ගත්තේ තාත්තා වගෙයි.. රටම කම්පා කළ මාරක අනතුරෙන් ජීවිත අහිමිවූ සුරදූත බාලිකාවන් සහ රියැදුරු අද සදහටම සමුගනී..

1739
මේ වගේ කඳුළු කතා මින් පෙරත් අපට ඇසී ඇති.. ඉදිරියේදිත් ඇසේවි..

ඒත් මේ කතාවලට වැරදිකරුවන් කවුරු වුණත් ගොඩක් වෙලාවට ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙන්නේ අහිංසක ජීවිතවලට..


පසුගිය දිනක කුලියාපිටියේ සිදුවුණු මේ මාරක අනතුරත් අන්න ඒ වගේ කණගාටුදායක පුවතක්..

පසුගිය 27වැනිදා උදෑසන පාසල් වෑන්රියෙන් පාසලට යමින් සිටියදී කුලියාපිටිය – උඩුබද්දාව මාර්ගයේ පල්ලෙවෙල පාලම මතදී එම පාසල් වෑන් රථය ටිපරයක ගැටී සිදුවූ බිහිසුණු අනතුරින් අකල්හි දිවියට සමුදුන් මිහිදි යෙනායා නිල්නෙතු (13) හා රිෂිනි නෙතුපමා කුලරත්න (12) දියණියන් දෙදෙනාගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද (29දා) සවස 4.00ට දුම්මලසූරිය, කට්ටිමහන පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනවා…

අනතුරින් මියගිය මිහිදි යෙනායා සිසුවියගේ දේහය මේ වනවිට කට්ටිමහන පල්ලිය අසල පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර, මියගිය රිෂිනි නෙතුපමා සිසුවියගේ දේහය කට්ටිමහන පන්සල අසල නිවසේ තැන්පත් කර තිබුණා.. එම දියණියන් දෙදෙනාට අවසන් ගෞරව දැක්වීමට ඊයේ කුලියාපිටිය සුරදූත බාලිකාවේ සිසුවියන්, ගුරුවරුන්, දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් එක්ව තිබුණා..

එම අනතුරින් මියගිය පාසල් වෑන් රථයේ රියැදුරු වන ඩෙනිස් නිලන්ත මහතාගේ දේහය දුම්මලසූරිය, හතරමං හන්දිය ප්‍රදේශයේ නිවසේ තැන්පත් කර තිබුණා.. ඔහු වසර 40කට වැඩි කාලයක් මේ පාසල් ළමුන් සමග කාලය ගතකළ වැඩිහිටියෙක්… ඔහු පිළිබඳව මව්පියන් පවසන්නේ තමන්ටත් වඩා හොඳින් ඔහු පියකු මෙන් දරුවන් බලා ගන්නා අයකු බවයි.. තම බිරිඳ අකාලයේ මියගිය පසු, දරුවන් විදේශ ගතවූ පසු රාජු මාමාගේ එකම විනෝදාංශය, රාජකාරිය මෙන්ම වගකීම ද වුයේ සතියේ දින 5 පුරාම මේ දරුවන් බලා හදා ගැනීමයි..

කොහොම වුණත් ඒ සිදුවුණු මාරක අනතුර නිසා දැන් මේ ජීවිත තුනම සදහටම සමුගෙන ගිහින්.. ඒත් මේ ජීවිත අහිමි වීමත් එක්ක සිදුවුණු පාඩුව, ඒ පාලුව ඔවුන් කොහොම නම් දරාගනීවිද..?




Leave a Reply

Your email address will not be published. Required fields are marked *