එකම සුසානයේ හෙට නිදියන මිහිඳි සහ රිෂිනි… කුලියාපිටියේ මාරක අනතුර ගැන ඇහෙන, හද සසල වෙන කතාව

3161

කුලියාපිටියේ මාරක අනතුරින් ජීවිතක්ෂයට පත්වූ සිසුවියන් දෙදෙනා සහ වෑන් රථ රියැදුරුගේ දේහයන් අද ඔවුන්ගේ නිවෙස්වෙත රැගෙන එනුලැබුවා.

දුම්මලසූරිය කට්ටිමහර ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි රිෂිනි නෙතුපමා කුලරත්න මෙම අනතුරින් මිය ගිය අතර ඇය එම පවුලේ දෙවැනි දරුවායි.

අනතුරින් ජීවතක්ෂයට පත් වූ අනෙක් දැරිය වන්නේ මිහිදි සෙනායා නිල්නෙතු සිසුවියයි.

13 හැවිරිදි ඇයද එම ප්‍රදේශයේම පදිංචිව සිටියා.

අනතුරින් ජීවිතක්ෂයට පත්වූ 67 හැවිරිදි පාසැල් වෑන් රථ රියදුරු ද එම ප්‍රදේශයේම පදිංචි අයෙක්.

මේ අතර අනතුර සම්බන්ධයෙන් අත්අංගුවට ගත් ටිපර් රථයේ රියැදුරු කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී පොලිසිය අධිකරණය හමුවේ කියාසිටියේ මෙය දැඩි නොසැලකිලිමත් රියධාවනය නිසා සිදුවූවක් බවයි.

සැකකරු පැය 24ක් නොනිදා සේවය කර ඇති බව අනාවරණය වූ බවද පොලිසිය අධිකරණයට කරුණු දක්වා තිබෙනවා .

අනතුරට ලක්වූ පාසැල් වෑන් රථයේ රියදුරු එම අනතුර වලක්වාගන්නට දැඩි උත්සහයක් ගෙන ඇති බවත් තද තිරිංග සලකුණු හා වැන් රථයේ පිහිටීම අනුව එය තහවුරු වූ බවයි පොලිසිය වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

ඒ අනුව කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා සැකකකාර ටිපර් රථ රියැදුරු සැප්තැම්බර් මස 8 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළ අතර විමර්ශන අවසන් වනතෙක් ඔහුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවීමටත් නියෝග කළා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *